Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

1 day ago

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඊයේ (14) සිට අද (15) අලුයම දක්වා වැඩිම වර්ෂාපතනය ලෙස ගම්පහ, කිරිඳිවැල ප්‍රදේශයෙන් මි.මී 146.5ක් වාර්තා වී ඇත.

මීගමුව සිට කොළඹ, ගාල්ල, හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි ඇතිවන අතර, කොළඹ සිට පොතුවිල් දක්වා වන මුහුදු තීරයේ සුළගේ වේගය පැ.කි.මී. 50 දක්වා වැඩි වී මුහුදු ප්‍රදේශ විටින් විට තරමක් රළු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලිකව තද සුළං හමා යා හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවට ධීවර හා නාවික ප්‍රජාවට අවධාරණය කෙරේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *