Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

දුම්රිය සේවයට තවත් එන්ජින් රියදුරු සහායකයින් 100 ක් බඳවා ගැනේ

1 day ago

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවාවන් විධිමත්ව හා අඛණ්ඩව පවත්වාගෙන යාමේ අරමුණින් දුම්රිය එන්ජින් රියදුරු සහායක (3 වන ශ්‍රේණිය) තනතුර සඳහා අලුතින් තේරී පත් වූ 100 දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

දුම්රිය සේවයේ මානව සම්පත සවිබල ගැන්වීමේ වැඩපිළිවෙළ යටතේ මේ වසර (2026) තුළ පමණක් විවිධ තනතුරු සඳහා 1,500ක පමණ පිරිසක් බඳවාගෙන ඇති බව මෙහිදී අනාවරණය විය.

තවද, 2027 වසරේදී ද අනුමත තරග විභාග පදනම් කරගනිමින් දුම්රිය ස්ථානාධිපති, දුම්රිය නියාමක හා තාක්ෂණ ශිල්පී ඇතුළු පුරප්පාඩු රැසකට අලුතින් පිරිස් බඳවා ගැනීමට දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *