ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රීඩක අරවින්ද ද සිල්වාගේ මව වන රාණි ද සිල්වා අද (14) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඇය මිය යන විට වයස අවුරුදු 94 වියේ පසු වුණා.
අරවින්ද ද සිල්වාගේ ක්‍රිකට් දිවියේ සාර්ථකත්වය පිටුපස සිටි ප්‍රධානතම ශක්තියක් ලෙස සැලකෙන ඇය, ඔහු කුඩා වියේ සිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ඉහළට පැමිණෙන තෙක් නොමඳ සහයෝගයක් ලබාදී තිබුණා.
එමෙන්ම, අරවින්ද ද සිල්වා ශ්‍රී ලංකාව බිහිකළ විශිෂ්ටතම පිතිකරුවෙකු ලෙස සැලකෙන අතර, 1996 ලෝක කුසලාන ජයග්‍රහණයේදී ඔහු සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර තිබෙනවා.
අවසන් කටයුතු සම්බන්ධයෙන් පවුලේ සාමාජිකයින් විසින් ඉදිරියේදී දැනුම්දීමට නියමිත බවයි වාර්තා වන්නේ

ගුරු විදුහල්පති ඇතුළු සියලු රාජ්ය සේවකයින්ගේ වැටුප් ඉහළට
මහේස්ත්රාත්වරයෙක් තනතුරෙන් නෙරපයි
පොහොට්ටුව හා අත අතර විශේෂ හමුවක්
ජනපති රාජ්ය සේවකයන්ගෙන් කළ ඉල්ලීම
ශිරන්ති අක්ෂි රෝහලෙන් රැගෙන යයි
ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50ක පෙත්සමක්
නාගොඩ අවන්හලක් ඉදිරිපිට වෙඩිතැබීමක්! අවන්හලේ හිමිකරු මරුට! බිරිඳට තුවාල!
ශිරන්ති රාජපක්ෂ අද ඇස් රෝහලට
අද කාලගුණ නිවේදනය
බාලවයස්කාර ගැහැණු දරුවන් 6 දෙනෙකු අපයෝජනය කළ නාඔටුන්නේ විජිත හිමිට වසර 13ක සිරදඬුවමක්
BYD, කුඩා පරිමාණ වාහන වෙළෙඳපොළට පිවිසෙමින් RACCO ජපන් වාහන වෙළෙඳපොලට හඳුන්වා දෙයි
රාජපක්ෂවරු ඇතුළු හිටපු ප්රබලයින් 50කගේ නඩු ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට