Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඥානසාර හිමිට යළි ජනාධිපති සමාව ඉල්ලන්න මිහින්තලේ හිමියන් පෙරමුණට

8 minutes ago

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරදඬුවම් නියම වී සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා මැදිහත් වන ලෙස මිහින්තලය රජමහා විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීම සඳහා ලබාදුන් නියෝගය ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අතින් අඩුපාඩුවක් සිදුව ඇති බව පවසමින්.

එම නියෝගය ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයේ ගැටලුවක් හේතුවෙන් එය අධිකරණය හමුවේ අභියෝගයට ලක්ව ඇති බවද මිහින්තලය රජමහා විහාරාධිපති සඳහන් කරනවා.

ඒ අනුව වර්තමාන ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව නිසි ක්‍රියාමාර්ගයක් ගෙන ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබාදීමට කටයුතු කරන ලෙසයි උන්වහන්සේ ඉල්ලීම සිදුකර ඇත්තේ.

එමෙන්ම මේ සම්බන්ධයෙන් භික්ෂුන් වහන්සේලා ඇතුළු සිව්වනක් පිරිස සහ විවිධ ජනවර්ග හා ආගමික කණ්ඩායම් එක්කර ගනිමින් අත්සන් ලබාගෙන එම ලේඛන මහානායක හිමිවරුන් වෙත භාරදීමටද කටයුතු කරන බව ද උන්වහන්සේ සඳහන් කරනවා.

ඒ අනුව, නිසි ක්‍රමවේදයකට අනුව කටයුතු කරමින් ඥානසාර හිමියන්ටද ජනාධිපති සමාව ලබාදීමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි මිහින්තලය රජමහා විහාරාධිපති වැඩිදුරටත් පවසන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *