ක්‍රිෂ් (Krrish) සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන නැමැත්තිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා වෙත රුපියල් මිලියන 70ක අල්ලස් මුදලක් ලබාදුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයට අදාළව, රක්ෂිත බන්ධනාගාරගතව සිටින නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.
නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ප්‍රදේශයේ පිහිටි ඉඩමක් ක්‍රිෂ් සමාගම වෙත ලබාගැනීමට සහ ඊට අදාළ අනුමැතීන් කඩිනම් කරගැනීමට සහයදීම වෙනුවෙන් අවස්ථා 3කදී මෙම අල්ලස් මුදල නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා වෙත ලබාදී ඇති බවට චෝදනා එල්ල වී ඇත.
සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණු ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකාව පසුගිය 24 වනදා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔක්තෝබර් මස 06 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එහිදී අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින් කොළඹ මහේස්ත්‍රාත්වරයා ලබාදුන් අවසරයකට අනුව, අල්ලස් කොමිසමේ නිලධාරීන් පිරිසක් අද (25) පෙරවරුවේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත ගොස් මන්ත්‍රීවරයාගෙන් මෙම ප්‍රකාශය ලබාගෙන ඇත.

ඥානසාර හිමිට යළි ජනාධිපති සමාව ඉල්ලන්න මිහින්තලේ හිමියන් පෙරමුණට
කථානායකවරයාට එරෙහිව සජබයෙන් විශ්වාසභංගයක්
වැස්ස ගැන අලුත්ම අනාවැකිය – “ගංවතුර සඳහා සූදානම්වීම අවශ්‍ය විය හැකියි”
සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ
නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් අගවිනිසුරු ඉදිරියේ දිවුරුම් දෙති
අදට යෙදෙන බිනර පොහොයෙහි ඇති වැදගත්කම
පොළොන්නරුව වකුගඩු රෝහලේ ගෑස් සිලින්ඩරයක් පිපිරී 7ක් රෝහලේ
ලංකා බැංකුවෙන් විශේෂ නිවේදනයක්! පාරිභෝගිකයන්ට විශේෂ පැහැදිලි කිරීමක්!
ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදුවල වෙනසක්
චාමර සම්පත්ගේ ලේකම් යළි රිමාන්ඩ්
ශිරාන් බාසික්ගේ පියා යළි රිමාන්ඩ්