Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝක ළමා දිනයට ජනපතිගෙන් සුබපැතුම්

1 day ago

දරුවන් යනු ජාතියේ වටිනාම සම්පත වන අතර, ඔවුන්ගේ සිහින හා හඬට අද දවසේම ඉඩ සලසන සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කිරීම රජයක ප්‍රමුඛ වගකීම බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලෝක ළමා දින සුබපැතුම් පණිවුඩයෙන් අවධාරණය කරයි.

ජාති, ආගම් හෝ ආර්ථික පසුබිම මත කිසිදු දරුවෙකුට අධ්‍යාපනය බාධාවක් නොවිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, දෙමාපියන්ට බරක් නොවන සහ දරුවන්ට දුකක් නොවන, කුසලතා පදනම් කරගත් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ආරම්භ කර ඇති බව සඳහන් කළේය.

අස්ථාවර ආර්ථික සෙවණැලිවලින් තොර සුන්දර ළමාවියක් වෙනුවෙන් ආර්ථිකය නිවැරදි මාවතට යොමුකරමින් සිටින බවත්, ශිෂ්‍යත්ව පුළුල් කිරීම හා රැකවරණය අවශ්‍ය දරුවන්ගේ අනාගතය තහවුරු කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

දරු පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් මුදාගැනීමට “රටම එකට” ජාතික මෙහෙයුම ක්‍රියාත්මක කර ඇති බව සඳහන් කළ ජනාධිපතිවරයා, “මනසින් සවිමත් – දරුවන් පොහොසත්” තේමාව යටතේ සංවිධානය කර ඇති ජාතික ළමා දින සැමරුම ද අගය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *