වයඹ, මධ්‍යම, සබරගමුව, ඌව, බස්නාහිර, දකුණ සහ උතුරු-මැද යන පළාත්වලට මෙන්ම මන්නාරම දිස්ත්‍රික්කයටත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
අද (05) පස්වරු 11.00 ට නිකුත් කරන ලද මෙම විශේෂ අවවාදාත්මක නිවේදනය හෙට (06) දහවල් 01.00 දක්වා ඉදිරි පැය 14 ක කාලය සඳහා බලපැවැත්වේ.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී ප්‍රබල අකුණුවලට අමතරව තාවකාලිකව තද සුළං ද ඇති විය හැකි බව පෙන්වා දෙයි.
මහජනතාවට ආරක්ෂිත උපදෙස්:
- ගිගුරුම් සහිත වැසි පවතින විට එළිමහනේ හෝ ගස් යට නොසිට ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටින්න.
- කුඹුරු, තේ වතු, ක්‍රීඩා පිටි සහ ජලාශ වැනි විවෘත ස්ථානවල රැඳී සිටීමෙන් වළකින්න.
- රැහැන් සහිත දුරකථන, විදුලියට සම්බන්ධ කළ විදුලි උපකරණ භාවිතයෙන් සහ බයිසිකල්, ට්‍රැක්ටර්, බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වළකින්න.

මහින්ද කහඳගම රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්
මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු සෙල්ලම් හෙළිවෙයි! හඬපටයකුත් එළියට!
ඉන්ධන මිල පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට
3000කට වැඩ වරදී.. දැන්වත් පටි තද කරගන්න
ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි
පෙම්වතිය අවසන් ගමන් යැවූ පෙම්වතාත් සියදිවි නසාගනී