අල්ලස් දීම සහ ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ, අධිකරණ සේවකයෙකු සහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලබන ඔක්තෝබර් 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.
දැනට සිරදඬුවම් නියම වී සිටින සරණ ගුණවර්ධන මහතාට අදාළව කොළඹ මහාධිකරණයේ පැවැති අල්ලස් නඩුවකදී සහනදායී දඬුවමක් ලබාදීම වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබාදීම, ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා මොවුන්ට එරෙහිව එල්ල වී තිබේ.
මෙම අල්ලස් ජාවාරම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මහින්ද කහඳගම රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
නාමල් රාජපක්ෂගෙන් ජනපතිට ලිපියක්
මහින්ද කහඳගම ඩුබායි ගිහින් දාපු සෙල්ලම් හෙළිවෙයි! හඬපටයකුත් එළියට!
ඉන්ධන මිල පිළිබඳව ඛනිජ තෙල් සංස්ථාවෙන් දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ යළි රිමාන්ඩ්
හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්
ඥනසාර හිමි සරම ඇදන් අධිකරණයට
ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් දැනුම්දීමක්
ප්‍රදේශ කිහිපයකට මි.මී. 75 ඉක්මවූ වැසි
ප්‍රකට ලේඛකයෙකු වූ ජෙෆ්රි ආචර් අභාවප්‍රාප්ත වෙයි
පෙම්වතිය අවසන් ගමන් යැවූ පෙම්වතාත් සියදිවි නසාගනී
මගේ රූපය යොදාගත් වීඩියෝ සම්පූර්ණයෙන්ම ව්‍යාජයි! අග්‍රාමාත්‍යවරිය ජනතාවගෙන් කළ ඉල්ලීම!