Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු ඇමති සරණ ගුණවර්ධනගේ බිරිඳ තවදුරටත් රිමාන්ඩ්

7 hours ago

අල්ලස් දීම සහ ලබාගැනීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ හිටපු අමාත්‍‍ය සරණ ගුණවර්ධන මහතාගේ බිරිඳ, අධිකරණ සේවකයෙකු සහ රෙජිස්ට්‍රාර්වරයෙකු ලබන ඔක්තෝබර් 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

දැනට සිරදඬුවම් නියම වී සිටින සරණ ගුණවර්ධන මහතාට අදාළව කොළඹ මහාධිකරණයේ පැවැති අල්ලස් නඩුවකදී සහනදායී දඬුවමක් ලබාදීම වෙනුවෙන් රුපියල් 50,000ක මුදලක් අල්ලස් ලෙස ලබාදීම, ලබාගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා මොවුන්ට එරෙහිව එල්ල වී තිබේ.

මෙම අල්ලස් ජාවාරම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූ#ණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් පරීක්ෂණ පවත්වා මොවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *