කොබෙයිගනේ ප්රදේශයේදී සොරකමක් සිදුකළ බවට සැකපිට ප්රදේශවාසීන් පිරිසක් විසින් ගසක බැඳ තබා සිටි පුද්ගලයෙකු පොලිස් භාරයට ගැනීමෙන් පසු රෝහල්ගත කර සිටියදී මියගොස් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්ය ප්රකාශක එෆ්.යූ.වුට්ලර් මහතා සඳහන් කළේ, අදාළ පුද්ගලයා පොලිසියට රැගෙන ඒමෙන් පසු ඇති වූ අසනීප තත්ත්වයක් හේතුවෙන් නිකවැරටිය සහ කුරුණෑගල රෝහල්වලට ඇතුළත් කර ඇති බවයි.
එම පුද්ගලයාට ප්රදේශවාසීන් විසින් පහරදී ඇති බවට සැකයක් මතුවීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බවත්, කොබෙයිගන පොලිසිය විසින් වාර්තාවක් කැඳවා ඇති බවත්, පොලිස් මාධ්ය ප්රකාශකවරයා කියා සිටියා.
ඒ අනුව, සිද්ධියට අදාළව පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ඔහු සඳහන් කළා.
කෙසේ වෙතත්, අප කළ විමසීමකදී පොලිස් මාධ්ය කොට්ඨාසය කියා සිටියේ, සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් සහ මරණයට හේතුව පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතෙක් අනාවරණය වී නැහැ.
සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් සිදුකරන්නැයි ඉල්ලා ප්රදේශවාසීන් ඉල්ලා සිටිනවා.
(source – news19)

ක්රිකට් ක්රිඩකයන්ට රතු එළි! වසරටම පිටරට ලීග් දෙකයි!
අසමසම කුසලතාවලින් ලෝකය ජයගත් වෛද්ය උදාර කුලරත්න මහතා මතකයන් පමණක් ඉතිරි කර දිවියෙන් සමුගනී
කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට සතුටු දවසක්
පවන් රත්නායක එක්දින පිතිකරුවන් අතර දැවැන්ත පිම්මක් පනී
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
පාස්පෝට් ගන්න ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයට දැනුම්දීමක්
විහාරමහා දේවී උද්යානයේ සත්යග්රහයට එරෙහිව අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්
නාමල්ගේ ඇප ඉල්ලීම ගැන නියෝගයට දින නියම වෙයි
නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් වංචා කළ යුවලක් අත්අඩංගුවට
හෝමාගම OIC ඇතුළු නිලධාරීන් 3කට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
වාහන 7ක් මතට කඩා වැටුණු මාර ගස
සුඛෝපභෝගී වාහන නඩුවට අදාළව ජොන්ස්ටන් වරද පිළිගනී! දඬුවම් නියම කිරීමට දින නියම වෙයි!