Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිය බාලවයස්කාර දියණිය කෙළෙසූ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්

33 minutes ago

බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාලව චෝදනා එල්ල වී සිටි එම දැරියගේ පියාට වසර 54 ක සිර ඳඩුවම් නියම කිරීමට ගම්පහ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඒ ඔහුට එල්ල වූ චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කරමින්.

මෙම දැරිය අපයෝජන සිද්ධියට අදාළව අවස්ථා කිහිපයකදී සැකකරුවන් 42 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකාර පියා විසින් මුල්වරට දැරිය අපයෝජනය කර තිබූ බවයි හෙළිවී ඇත්තේ.

ඔහු මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූවෙක් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

පසුව මෙම දැරිය මව භාරයේ සිටියදී ඇයගේ අනියම් සැමියා විසින්ද අපයෝජනය කර ඇති අතර, ඔහු විසින් දැරිය වෙනත් පුද්ගලයන්ට අලෙවිකර තිබූ බවද තහවුරු වුණා.

ඒ අනුව, ඊට අදාළව මීට පෙර එම සැකකරුට වසර 30 ක සිර ඳඩුවමක් පානදුර මහාධිකරණය ලබාදී තිබුණා.

මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන්ටද වෙන් වෙන් වශයෙන් නඩු පවරා මේ වනවිට එම නඩු විභාගයට ගැනෙමින් පවතින බවයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන කාර්යංශය ප්‍රකාශ කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙන්නේ 2022 වසරේදීයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *