Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාවට ඇමතිගෙන් පිළිතුරු

22 minutes ago

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාර අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා ප්‍රකාශ කරයි.

දැනට සිදුකෙරෙන සමාලෝචනයට අනුව පළමු අදියරේ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර ඇති අතර, එය දැනට ප්‍රතිලාභ ලබන 989,000ට වඩා 2,000ක වැඩිවීමකි.

දෙවන අදියරේ සිටින 215,000ක ප්‍රතිලාභීන්ගේ සමාලෝචනය ලබන වසරේ සිදුකරන තෙක් ඔවුන්ගේ සහනාධාර ද අඛණ්ඩව ලබාදීමට කටයුතු යොදා තිබේ.

පළමු අදියර යටතේ තවත් 740,000ක පිරිසක් සමාලෝචනය කිරීමට නියමිතව ඇති බැවින්, ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩුවීමක් නොව වැඩිවීමක් සිදුවන බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *