බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීමේ සිද්ධියකට අදාලව චෝදනා එල්ල වී සිටි එම දැරියගේ පියාට වසර 54 ක සිර ඳඩුවම් නියම කිරීමට ගම්පහ මහාධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ ඔහුට එල්ල වූ චෝදනා තුනටම වරදකරු බවට තීන්දු කරමින්.
මෙම දැරිය අපයෝජන සිද්ධියට අදාළව අවස්ථා කිහිපයකදී සැකකරුවන් 42 දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබූ අතර, සැකකාර පියා විසින් මුල්වරට දැරිය අපයෝජනය කර තිබූ බවයි හෙළිවී ඇත්තේ.
ඔහු මත්ද්රව්යවලට දැඩිව ඇබ්බැහි වූවෙක් බවයි පොලිසිය ප්රකාශ කළේ.
පසුව මෙම දැරිය මව භාරයේ සිටියදී ඇයගේ අනියම් සැමියා විසින්ද අපයෝජනය කර ඇති අතර, ඔහු විසින් දැරිය වෙනත් පුද්ගලයන්ට අලෙවිකර තිබූ බවද තහවුරු වුණා.
ඒ අනුව, ඊට අදාළව මීට පෙර එම සැකකරුට වසර 30 ක සිර ඳඩුවමක් පානදුර මහාධිකරණය ලබාදී තිබුණා.
මෙම සිද්ධියට සම්බන්ධ අනෙකුත් සැකකරුවන්ටද වෙන් වෙන් වශයෙන් නඩු පවරා මේ වනවිට එම නඩු විභාගයට ගැනෙමින් පවතින බවයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ සහ විමර්ශන කාර්යංශය ප්රකාශ කළේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹෙන්නේ 2022 වසරේදීයි.

RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී
Binance ක්රිප්ටෝ හුවමාරුවට හැකර් ප්රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!
ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි
රුපියල් මිලියන 100ක් ඉල්ලා සරත් වීරසේකරගෙන් කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක්
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සාමාජිකයන් පත් කෙරේ
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාවට ඇමතිගෙන් පිළිතුරු
චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම්!
අනුරාධපුර පූජා භූමි සංවර්ධනය ගැන ජනපති ගත් තීරණය
පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි
යෝෂිතට එරෙහි රුපියල් ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුවේ සාක්ෂි විභාගය ආරම්භ වෙයි
දිනකට 15 දෙනෙක් ගොදුරු කරගන්නා පියයුරු පිළිකව කල්තියා හඳුනාගත හැකි මූලික ලක්ෂණ මෙන්න