Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජනතාව අකමැති වුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහ බැංකු අධිපති

20 minutes ago

ආර්ථිකය සුරක්ෂිත කිරීම වෙනුවෙන් මහ බැංකුව විසින් දැඩි තීරණ හා ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර ඇති බවත්, ජනතාවගේ කැමැත්ත හෝ අකමැත්ත මත පමණක් පිහිටා මෙවැනි තීරණ කල් දැමීමෙන් සමස්ත රටටම බරපතළ හානියක් සිදුවන බැවින් රටට අවශ්‍ය ප්‍රතිපත්ති අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කළ යුතු බව මහ බැංකු අධිපතිවරයා පවසයි.

රටේ අවශ්‍යතාව මත බදු ප්‍රමාණයන් ඉහළ නැංවීමට සිදුවන නමුත් බහුතරයක් ජනතාව ඊට අකමැති වීම නිසා සමාජයේ විරෝධතා හා අස්ථාවරත්වයක් මතුවිය හැකි බව කැලණිය විශ්වවිද්‍යාලයේ පැවති දේශනයකදී හෙතෙම පෙන්වා දුන්නේය.

බදු අඩු කිරීම හෝ වැඩි කිරීම මඟින් ආර්ථිකයට සිදුවන බලපෑම පිළිබඳව මහජනතාවට නිවැරදිව සන්නිවේදනය කිරීම රජයේ වගකීමක් වන අතර, එමඟින් ජනතාව දැනුවත් කර ප්‍රතිපත්ති සාර්ථකව ඉදිරියට ගෙන යා හැකිය.

දැඩි දේශපාලන හා ආර්ථික අර්බුද හමුවේ වුවද රටේ ආර්ථිකය ස්ථාවරව තබා ගැනීමට හැකි වූයේ ජනප්‍රිය නොවන නමුත් රටට අත්‍යවශ්‍ය තීරණ නිවැරදි අවස්ථාවේ ක්‍රියාත්මක කළ නිසා බව මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *