ICCය විසින් ප්‍රකාශයට පත්කළ නවතම එක්දින පිතිකරු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකා මැදපෙළ පිතිකරු පවන් රත්නායක 16වැනි ස්ථානය දක්වා ස්ථාන 20කින් ඉදිරියට පැමිණ තිබේ.
පාකිස්තානයේ පැවති තුන්කොන් සටනේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් 36වැනි ස්ථානයේ සිට ඔහුට මෙලෙස ඉදිරියට පැමිණ ඇත.
එම තරගාවලියේදී තරග 5කදී පවන් ශතක 2ක් හා අර්ධ ශතක 2ක් සමගින් ලකුණු 427ක් රැස්කිරීමට සමත් විය. එය එම තරගාවලියේ පිතිකරුවෙකු දැක්වූ ඉහළම හා ලකුණු 400 සීමාව පසුකළ එකම අවස්ථාවද විය.
පවන්ට ඉදිරියෙන් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන්ම සිටින ශ්‍රී ලංකා පිතිකරුවා නායක කුසල් මෙන්ඩිස් වන අතර, ඔහු 12වැනි ස්ථානය තවමත් රැකගෙන සිටී.
නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය නායක ශුම්මන් ගිල් තවමත් ලොව අංක එකේ එක්දින පිතිකරුවා වන අතර, ඔහුට පසුපසින් නවසීලනතයේ ඩැරිල් මිචෙල් පසුවෙයි.
විරාට් කෝලිට තෙවැනි ස්ථානය හිමිව තිබේ.
මේ අතර 14වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ සිටි ජනිත් ලියනගේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව 18වැනි ස්ථාය දක්වා පසුබැස ඇත.
ඔහු තුන්කොන් සටනේ අවසන් තරග දෙකේදී අසාර්ථක වූ හෙයින් එලෙස පසුබැස තිබේ.

ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නාමල් අධිකරණයට
ඉන්ධන හිඟයක් ගැන පැතිරෙන ප්රචාරයන්ට ඛනිජ තෙල් සංස්ථාවෙන් පිළිතුරු
‘කයිවාරු මුතූ’ ගුවන්තොටුපොළේදී CID අත්අඩංගුවට
ශ්‍රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක්
අයථා ලෙස භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ලක්ෂ 11ක් ගෙවයි
අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්! ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට!
ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කරන්න QR කේත ක්‍රමයක්
ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය දිවයිනට රැගෙන එයි
ලෝක පාපන්දු ඉතිහාසයේ දැවැන්ත යුගයක් නිමයි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි!
නියම වූ දඩ මුදලේ ඉතිරි ලක්ෂ 90ක මුදල ගෙවීමට ප්‍රසන්න රණතුංග සහන කාලයක් ඉල්ලයි
දින 2ක් තුළ කොටස් වෙළෙඳපොළ දැවැන්ත පිම්මක් පනී