Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අයථා ලෙස භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ලක්ෂ 11ක් ගෙවයි

3 minutes ago

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් තමා අයථා ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වූ ඉන්ධන ලීටර් 11,320ක වටිනාකම වන රුපියල් මිලියන 1.17ක (රු. 1,170,000) මුදල ගෙවා තිබෙනවා.

හිටපු ආණ්ඩුකාරවරයා විසින් මෙම ඉන්ධන ලීටර් 11,320 භාවිත කිරීම මුදල් චක්‍රලේඛ උපදෙස්වලට පටහැනි බව පෙන්වා දී තිබූ විගණකාධිපති දෙපාර්තමේන්තුව, එම රුපියල් මිලියන 1.17ක මුදල අදාළ පළාත් සභාව මගින් අය කරගන්නා ලෙස උපදෙස් දී තිබුණා.

උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් අරුණ රවි ඊයේ පැවසුවේ, හිටපු ආණ්ඩුකාරවරයා විසින් අදාළ මුදල මුදලින්ම පියවා ඇති බවයි.

මෙම සිදුවීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසද විගණකාධිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා.

කෙසේ වෙතත්, අදාළ නිලධාරීන් මේ වන විට සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බැවින් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට නොහැකි බවයි නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.

(source – hiru news)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *