කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ අලෙවි කෙරෙන ආහාරවල ගුණාත්මකභාවය සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.
කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මේ වන විට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා ප්‍රදේශවල සාර්ථකව ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී එය කොළඹ 01 සිට 15 දක්වා සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් කිරීමට නගර සභාව අපේක්ෂා කරයි. මේ යටතේ බල ප්‍රදේශයේ සියලුම අවන්හල් සහ ආහාර අලෙවිසැල්වල අදාළ QR කේතය ප්‍රදර්ශනය කරනු ලබයි.
පාරිභෝගිකයන්ට තම ජංගම දුරකථනය මඟින් එම QR කේතය ස්කෑන් කිරීමෙන් තිරයට මතුවන පෝරමය හරහා ආහාරවල ප්‍රමිතිය හෝ සනීපාරක්ෂාව පිළිබඳ ගැටලු වාර්තා කළ හැක. මෙම පැමිණිලි කිසිදු අතරමැදියකු නොමැතිව ඍජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) වෙත යොමු වන අතර, පැමිණිලිකරුගේ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම රහසිගතව තබා ගැනීමට නගර සභාව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත.

අයථා ලෙස භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ලක්ෂ 11ක් ගෙවයි
අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්! ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට!
ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය දිවයිනට රැගෙන එයි
ලෝක පාපන්දු ඉතිහාසයේ දැවැන්ත යුගයක් නිමයි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි!
නියම වූ දඩ මුදලේ ඉතිරි ලක්ෂ 90ක මුදල ගෙවීමට ප්‍රසන්න රණතුංග සහන කාලයක් ඉල්ලයි
දින 2ක් තුළ කොටස් වෙළෙඳපොළ දැවැන්ත පිම්මක් පනී
පාතාලයෙකු ලෙස පෙනී ඉඳමින් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා මරණ තර්ජන කළ 9 හැවිරිදි තරුණයෙකු ඇතුළු 2ක් මාට්ටු
මහර ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි
මැතිවරණ පරායෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
දකුණු මුහුදේ කළ වැටලීමකින් රුපියල් බිලියන 4.2ක් වටිනා අයිස් සහ හෙරොයින් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
එක් පුද්ගලයෙකුට මසකට අවම රු. 17,742ක් අවශ්‍යයි! ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන්!