ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ කොමාණ්ඩර් සමීර සමරකෝන් නිලධාරියාගේ දේහය දිවයිනට රැගෙන විත් තිබේ.
‘BIMSTEC-2026’ සමුද්‍රීය ආරක්ෂක අභ්‍යාසය සඳහා සහභාගී වූ ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ ජ්‍යෙෂ්ඨ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු නිලධාරියා ලෙස කටයුතු කළ කොමාණ්ඩර් සමීර සමරකෝන්, හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඉන්දියාවේ අන්දමන් සහ නිකොබාර් දූපත්හි ශ්‍රී විජයපුරම් නගරයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගියදා(02) දින අභාවප්‍රාප්ත විය.
ඒ අනුව, ඔහුගේ දේහය වෙත ශ්‍රී ලංකා නාවික නෞකා ගජබාහු නෞකාවේ අණදෙන නිලධාරී කපිතාන් අශෝක වීරසේකර ඇතුළු කාර්යය මණ්ඩලය විසින් සහ ඉන්දීය නාවික හමුදාව විසින් අවසන් ගෞරවාචාර සිදුකිරීමෙන් අනතුරුව, ඉන්දීය ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් ඊයේ දින දිවයිනට රැගෙන එනු ලැබීය.
2006 දෙසැම්බර් මස 14 වන දින, 45 වන ශිෂ්‍යභට බඳවා ගැනීම යටතේ ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වූ කොමාණ්ඩර් සමීර සමරකෝන්, මූලික පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව, 2008 දෙසැම්බර් මස 14 වන දින උප ලුතිනන් නිලයේ අධිකාරියට පත්විය.
එතැන් සිට නාවික හමුදාවේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු අංශයේ නිලධාරියෙකු ලෙස විවිධ නෞකා සහ ආයතනයන්හි රාජකාරි ඉටු කළ ඔහු, සිය සේවා කාලය තුළ ක්‍රමානුකූලව උසස්වීම් ලබමින් 2024 අප්‍රේල් මස 01 වන දින කොමාණ්ඩර් නිලයට උසස්වීම් ලැබූ, ශ්‍රී ලංකා නාවික හමුදාවේ දක්ෂ නිලධාරියෙකු විය.
තවද, කොමාණ්ඩර් සමීර සමරකෝන් නිලධාරියාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු නාවික හමුදා පූර්ණ ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.

අයථා ලෙස භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ලක්ෂ 11ක් ගෙවයි
අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්! ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට!
ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කරන්න QR කේත ක්‍රමයක්
ලෝක පාපන්දු ඉතිහාසයේ දැවැන්ත යුගයක් නිමයි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි!
නියම වූ දඩ මුදලේ ඉතිරි ලක්ෂ 90ක මුදල ගෙවීමට ප්‍රසන්න රණතුංග සහන කාලයක් ඉල්ලයි
දින 2ක් තුළ කොටස් වෙළෙඳපොළ දැවැන්ත පිම්මක් පනී
පාතාලයෙකු ලෙස පෙනී ඉඳමින් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා මරණ තර්ජන කළ 9 හැවිරිදි තරුණයෙකු ඇතුළු 2ක් මාට්ටු
මහර ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි
මැතිවරණ පරායෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
දකුණු මුහුදේ කළ වැටලීමකින් රුපියල් බිලියන 4.2ක් වටිනා අයිස් සහ හෙරොයින් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
එක් පුද්ගලයෙකුට මසකට අවම රු. 17,742ක් අවශ්‍යයි! ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන්!