මෙරට පෙනහලු පිළිකා රෝගීන් වාර්තාවීමේ ප්‍රවණතාවක් පවතින බව ජාතික පිළිකා මර්දන වැඩසටහන පවසනවා.
2010 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ මෙරට පෙනහලු පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව සියයට 50කින් පමණ ඉහළ ගොස් ඇති බව ජාතික ශ්වසන විද්‍යායතනයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සමන් ඉද්දගොඩ මහතා සඳහන් කළා.
සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු පෙන්වා දුන්නේ පිරිමි පුද්ගලයන් අතර ප්‍රධාන පිළිකා තත්ත්වයක් බවට පෙනහලු පිළිකා පත්වෙමින් පවතින අතර කාන්තාවන් අතර ද එය ප්‍රධාන පිළිකා වර්ග 10 අතරට පැමිණෙමින් ඇති බවයි.
මේ අතර, දුම්පානය පෙනහලු පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධානතම හේතුවක් බවත්, ද්විතීක දුම්පානය, වායු දූෂණය සහ දර හා භූමිතෙල් භාවිතයෙන් ඇතිවන ගෘහස්ථ දුමාරය ද ඒ සඳහා අවදානම් සාධක බවත් ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළා.
එමෙන්ම ඇස්බැස්ටෝස්, සිලිකා සහ රේඩෝන් වැනි පිළිකාකාරකවලට නිරාවරණය වීම ද පෙනහලු පිළිකා අවදානම ඉහළ නැංවීමට හේතු වන බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මැතිවරණ පරායෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
දකුණු මුහුදේ කළ වැටලීමකින් රුපියල් බිලියන 4.2ක් වටිනා අයිස් සහ හෙරොයින් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
එක් පුද්ගලයෙකුට මසකට අවම රු. 17,742ක් අවශ්‍යයි! ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසටහන් සකස් කිරීමට චක්‍රලේඛයක්
ට්‍රම්ප්ගේ පරාජයත් බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්
TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ඇරඹීමට සහ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට අවසර
පවන් රත්නායක හොඳම එක්දින පිතිකරුවන් 20 අතරට
ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා! චීවරධාරියෙකු ලෙස සැරසුණු ඝාතකයා චාමරගේ උපදෙස් මත නීතීඥයෙක් වෙලා!
ICC නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ – මහ බැංකු අධිපති
සිනමා ඉතිහාසය නැවත ලියූ ‘එදා රෑ’! දින 40න් රුපියල් ලක්ෂ 8,093ක වාර්තාගත ආදායමක්!