ඉන්ධන මිල ඉහළ යාමෙන් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම සහ අස්වැසුම ප්‍රතිලාභීන්ට අතිරේක සහනයක් ලබාදීම සඳහා රුපියල් බිලියන 47ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (04) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, එම මුදලින් රුපියල් බිලියන 41ක් බලශක්ති අමාත්‍යාංශයේ වැය ශීර්ෂය යටතේත්, රුපියල් බිලියන 6ක් මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයේ මෙහෙයුම් වැඩසටහන යටතේ අස්වැසුම සඳහාත් වෙන්කරන බවයි.
මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ඉන්ධන මිලට ඇතිවූ බලපෑමෙන් දේශීය වෙළෙඳපොළේ පාරිභෝගිකයන්ට ඇතිවන පීඩනය අවම කිරීම සඳහා රුපියල් බිලියන 41ක මුදල ඔක්තෝබර්, නොවැම්බර් සහ දෙසැම්බර් මාස තුන වෙනුවෙන් ලබාදෙන බවද ඔහු පැවසීය.
අස්වැසුම වැඩසටහන යටතේ අන්ත දුප්පත් කාණ්ඩයට රුපියල් 6,250කත්, දුප්පත් කාණ්ඩයට රුපියල් 4,000කත් අතිරේක දීමනාවක් ලබාදීමට නියමිත බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. අන්ත දුප්පත් කාණ්ඩයට හිමි දීමනාව වාරික දෙකකින් ගෙවන අතර, එය එක්වරක් පමණක් ලබාදෙන දීමනාවකි.
මෙම පරිපූරක ඇස්තමේන්තුව සඳහා අතිරේක වියදමක් නොදරන බවත්, දැනට වෙන්කර ඇති ප්‍රතිපාදන වෙනත් ක්ෂේත්රවලින් කළමනාකරණය කරමින් අවශ්‍ය මුදල් සපයාගන්නා බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

මැතිවරණ පරායෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
දකුණු මුහුදේ කළ වැටලීමකින් රුපියල් බිලියන 4.2ක් වටිනා අයිස් සහ හෙරොයින් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
එක් පුද්ගලයෙකුට මසකට අවම රු. 17,742ක් අවශ්‍යයි! ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන්!
මෙරට පෙනහලු පිළිකා ඉහළට! වැළඳීමට හේතූ වන කරුණු ගැන අනාවරණයක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසටහන් සකස් කිරීමට චක්‍රලේඛයක්
ට්‍රම්ප්ගේ පරාජයත් බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්
TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ඇරඹීමට සහ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට අවසර
පවන් රත්නායක හොඳම එක්දින පිතිකරුවන් 20 අතරට
ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා! චීවරධාරියෙකු ලෙස සැරසුණු ඝාතකයා චාමරගේ උපදෙස් මත නීතීඥයෙක් වෙලා!
ICC නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
ශ්‍රී ලංකාව ඇතුළත ගෙවීම් පියවන්න ක්‍රිප්ටෝ භාවිත කරන්න බැහැ – මහ බැංකු අධිපති