අල්ලස් කොමිසම විසින් තහනමට ගන්නා ලද, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතිඥ රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් සහ වාහන මාස තුනක කාලයක් සඳහා ක්‍රියාවිරහිත කරමින් කොළඹ මහාධිකරණය අද (05) නියෝගයක් නිකුත් කළේය.
අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ කරන ලද කරුණු දැක්වීම් සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන “හරක් කටා” නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රැඳවුම් නියෝග මත රඳවා සිටියදී, ඔහු එම රැඳවුම් භාරයෙන් මුදාගෙන ආරක්ෂිත බන්ධනාගාරයක රඳවා තැබීම සඳහා ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙකු අල්ලස් කොමිසම විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
අනතුරුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන් ඇප මත මුදාහරිනු ලැබූ අතර, සැකකරුවන් අල්ලස් ලෙස ලබාගත් බව කියන රුපියල් කෝටි 12ක මුදල මෙතෙක් සොයා ගැනීමට නොහැකි වීම හේතුවෙන්, “අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත” යටතේ අල්ලස් කොමිසම විසින් ඔවුන්ගේ දේපළ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.
ඒ අනුව, රඛිත රාජපක්ෂ මහතාට අයත් බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මීට පෙර තහනම් කර තිබූ අතර, අදාළ බැංකු ගිණුම් තුළ රුපියල් කෝටි 4ක පමණ මුදලක් තිබී ඇති බව අල්ලස් කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම තහනම පිළිබඳ වාචිකව දැනුම්වත් කිරීම සඳහා විමර්ශන නිලධාරීන් අවස්ථා කිහිපයකදී රාජගිරියේ පිහිටි රඛිත රාජපක්ෂ මහතාගේ නිවාස සංකීර්ණය වෙත ගියද, ඔහු එහි නොසිටි බැවින් අදාළ දැනුම්දීම ඔහුගේ බිරිඳ වෙත සිදු කර ඇති බව අල්ලස් කොමිසම වැඩිදුරටත් පවසයි.

මහර ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
මැතිවරණ පරායෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
දකුණු මුහුදේ කළ වැටලීමකින් රුපියල් බිලියන 4.2ක් වටිනා අයිස් සහ හෙරොයින් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
එක් පුද්ගලයෙකුට මසකට අවම රු. 17,742ක් අවශ්‍යයි! ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන්!
මෙරට පෙනහලු පිළිකා ඉහළට! වැළඳීමට හේතූ වන කරුණු ගැන අනාවරණයක්!
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසටහන් සකස් කිරීමට චක්‍රලේඛයක්
ට්‍රම්ප්ගේ පරාජයත් බොරතෙල් මිලෙහි දැවැන්ත පහත වැටීමක්
TIN සහතිකය නැතත් බැංකු ගිණුම් ඇරඹීමට සහ ආදායම් බලපත්‍ර අලුත් කිරීමට අවසර
පවන් රත්නායක හොඳම එක්දින පිතිකරුවන් 20 අතරට
ගණේමුල්ල සංජීව ඝාතනය බටුවත්තේ චාමර විසින් මෙහෙයවලා! චීවරධාරියෙකු ලෙස සැරසුණු ඝාතකයා චාමරගේ උපදෙස් මත නීතීඥයෙක් වෙලා!
ICC නැගී එන කාන්තා ක්‍රිකට් තරගාවලියට යන ශ්‍රී ලංකා සංචිතය නම් කරයි