Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

පාතාලයෙකු ලෙස පෙනී ඉඳමින් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා මරණ තර්ජන කළ 9 හැවිරිදි තරුණයෙකු ඇතුළු 2ක් මාට්ටු

5 minutes ago

කප්පම් වශයෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා මරණ තර්ජන කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ සැකකරුවන් ඊයේ (නොවැම්බර් 04) හබරාදූව පොලිස් වසමේ උණවටුන ප්‍රදේශයේ සිට දුරකථන ඇමතුම් ලබා දෙමින් මෙම කප්පම් මුදල ඉල්ලා ඇති බවට මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලද පැමිණිල්ලක් මත මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36 සහ 19 යන වයස්වල පසුවන උණවටුන ප්‍රදේශයේම පදිංචිකරුවන් වේ. ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පෙනී සිටිමින් මොවුන් මෙම දුරකථන ඇමතුම් ලබාදී ඇති බවට වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *