Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කරන්න QR කේත ක්‍රමයක්

11 hours ago

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ අලෙවි කෙරෙන ආහාරවල ගුණාත්මකභාවය සහ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට පහසුවෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා නව QR කේත ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ.

කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය මේ වන විට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා ප්‍රදේශවල සාර්ථකව ක්‍රියාත්මක වන අතර, ඉදිරියේදී එය කොළඹ 01 සිට 15 දක්වා සියලුම ප්‍රදේශ ආවරණය වන පරිදි පුළුල් කිරීමට නගර සභාව අපේක්ෂා කරයි. මේ යටතේ බල ප්‍රදේශයේ සියලුම අවන්හල් සහ ආහාර අලෙවිසැල්වල අදාළ QR කේතය ප්‍රදර්ශනය කරනු ලබයි.

පාරිභෝගිකයන්ට තම ජංගම දුරකථනය මඟින් එම QR කේතය ස්කෑන් කිරීමෙන් තිරයට මතුවන පෝරමය හරහා ආහාරවල ප්‍රමිතිය හෝ සනීපාරක්ෂාව පිළිබඳ ගැටලු වාර්තා කළ හැක. මෙම පැමිණිලි කිසිදු අතරමැදියකු නොමැතිව ඍජුවම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් (MOH) සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් (PHI) වෙත යොමු වන අතර, පැමිණිලිකරුගේ අනන්‍යතාව සම්පූර්ණයෙන්ම රහසිගතව තබා ගැනීමට නගර සභාව දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *