Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්! ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට!

11 hours ago

ජෝර්දානයේ අම්මාන් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට සිදුවූ තියුණු ආයුධ ප්‍රහාරයකින් එහි ආරක්ෂාවට යොදවා සිටි නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ රාජකාරියේ නිරතව සිටි එරට ආරක්ෂ අංශ සාමජිකයෙකු වන කෝප්‍රල් ජවාඩ් අලි කලෆ් අල් සලයිටා නම් අයෙක්.

කෙසේ වෙතත්, මෙම සිදුවීමෙන් තානාපති කාර්යාලයේ සේවය කරන සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයන් ආරක්ෂිත බවයි වාර්තා වන්නේ.

මූලික විමර්ශනවලදී සැකකරු ආරක්ෂක නිලධාරීන් ඉලක්ක කර මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති බව අනාවරණය වී තිබේ. ඒ අනුව, ජෝර්දාන බලධාරීන් මෙම සිද්ධිය ත්‍රස්ත ක්‍රියාවක් ලෙස වර්ගීකරණය කර ඇති අතර, වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *