Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්

35 minutes ago

අනුරාධපුර රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසත්, පුරාවිද්‍යා ස්මාරකවලට හානි නොකර තාවකාලික කූඩාරම් ඉවත් කරගන්නා ලෙසත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණ ද, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස රැඳී සිටිමින් රාත්‍රිය ද ගත කරමින් සත්‍යග්‍රහයේ නිරත වෙති.

අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව ඊයේ (07) පෙරවරුවේ රුවන්වැලි සෑය අසල දන්සල් භූමියේදී මෙම විරෝධතාව ආරම්භ වූ අතර, පොලිසිය පැමිණ ඉදිකළ අට්ටාලය ඉවත් කිරීමට යෑමේදී දෙපාර්ශ්වය අතර උණුසුම් හා ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තේය.

රජය විසින් අනුරාධපුර පූජා නගර සැලැස්මට අදාළ ගැසට් පත්‍රය වහාම අහෝසි කර ඉවත් කරගන්නා තෙක් මෙම අරගලය කිසිසේත්ම අතනොහැර අඛණ්ඩව ඉදිරියට ගනයන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ අවධාරණය කරති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *