Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොළඹ – නුවර මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරක්! තිදෙනෙක් මරුට!

5 minutes ago

කොළඹ – නුවර මාර්ගයේ වරකාපොළ මාහේන ප්‍රදේශයේ අද (07) පස්වරුවේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

ඉන් තවත් සිව් දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් මේ වනවිට වරකාපොළ රෝහලේ ප්‍රතිකර ලබන සඳහන්ය.

මෙම අනතුරින් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ කාන්තාවක් මිය ගොස් ඇති බව පොලීසිය ප්‍රකාශ කළේය.

කොළඹ දෙස සිට නුවර දෙසට ගමන් කළ වෑන් රථයක් තවත් වාහනයක් පසු කිරීමට උත්සහ කළ අවස්ථාවේදී නුවර සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.

අනතුරු සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වෑන් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්ය. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *