ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2027 අයවැය ලේඛනය මගින් උපයන විට ගෙවීමේ බදු (PAYE Tax) සීමාව තවදුරටත් ඉහළ දැමීමට රජය අපේක්ෂා කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ අද (07) කොළඹදී පැවැත්වෙන ජාතික වෘත්තීය සමිති සමුළුව අමතමිනි.
එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා සඳහන් කළේ, මීට පෙර පැවති රුපියල් ලක්ෂයක බදු සීමාව රුපියල් ලක්ෂ එකහමාර දක්වා ඉහළ නැංවීමට රජය කටයුතු කළ බවය.
එමෙන්ම එම සහනය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් මෙවර අයවැය මගින් PAYE බදු අය කිරීමේ සීමාව මෙලෙස යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට අපේක්ෂා කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ඒ හරහා වැටුප් ලබන සේවකයන්ට තවදුරටත් බදු සහනයක් ලබාදීමට හැකි වනු ඇති බව ද ඔහු පෙන්වා දුන්නේය.
මෙරට ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්නේ පෞද්ගලික අංශය බවත්, එම අංශයේ සේවකයන්ගේ ආර්ථික තත්ත්වය පිළිබඳව රජය විශේෂ අවධානයක් යොමු කර ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
පෞද්ගලික ආයතන සහ ව්‍යාපාරික සංගම් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව පෞද්ගලික අංශයේ සේවකයන්ගේ මූලික වැටුප් ඉහළ නැංවීමට පියවර ගත් බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වැවිලි සහ පෞද්ගලික යන සියලු අංශවල සේවකයන් ආරක්ෂා කිරීමේ වගකීම රජය සතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා, එම වගකීම ඉටු කරමින් සියලු අංශවල සේවකයන්ගේ අයිතිවාසිකම් සහ ආර්ථික සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කිරීමට රජය කැපවී සිටින බව ද සඳහන් කළේය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා,
“පෞද්ගලික අංශය තමයි අපේ ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන්නේ. අපි පෞද්ගලික ආයතන සහ ඒවාට අදාළ ව්‍යාපාරික සංගම් සමඟ සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවලින් අනතුරුව අපි මූලික වැටුප් වැඩි කළා. හැබැයි, මූලික වැටුප වැඩි කළාට එය සේවකයන්ට දැනෙන මට්ටමේ වැඩිවීමක් නෙවෙයි. ඒ නිසා ඔවුන්ගේ අතිරේක දීමනා සම්බන්ධයෙනුත් අපි අවධානය යොමු කළා. ඒ වගේම ඉහළ වැටුප් ලබන අයට වැටුපෙන් අඩු වන බද්ද තමයි PAYE Tax එක. එහි සීමාව රුපියල් ලක්ෂයක සිට ලක්ෂ එකහමාර දක්වා අපි ඉහළ දැම්මා. මේ අයවැය ලේඛනයේදීත් එම සීමාව යම් ප්‍රමාණයකින් ඉහළ දැමීමට අපි අපේක්ෂා කරනවා. ඒ හරහා PAYE බද්ද සම්බන්ධයෙන් යම් සහනයක් ලබාදීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව, රාජ්‍ය, අර්ධ රාජ්‍ය, වැවිලි සහ පෞද්ගලික යන සියලු අංශ ආරක්ෂා කිරීමේ වගකීම අපේ ආණ්ඩුවට තිබෙනවා. අපි ඒ වගකීම භාරගෙන සිටිනවා.”

ඉදිරි අයවැයෙන් ජනතාවට ලැබෙන්න යන දැවැන්ත සහනය
රුවන්වැලි මහා සෑය අසල සිද්ධියට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට
‘මෑන්පවර්’ සේවක ක්‍රමය නවත්වන්න ආණ්ඩුව සැරසෙයි
කුලී නිවැසියාගේ පහරදීමෙන් නිවෙස් හිමිකරු මරුට
කොළඹ යටවී පැය කිහිපයයි! නගරාධිපතිනිය හදිසි සාකච්ඡාවක් කැඳවයි!
පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු
කැළඹුණු කාලගුණය නවතම නිවේදනය
කයිවාරු මුතූට පැය 72ක රැඳවුම් නියෝග
අධිකරණ ලිපිකරු iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
ඇප ලැබුණු රෝහිත බෝගොල්ලාගම යළි බන්ධනාගාරයට