Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට

32 minutes ago

පසුගිය නොවැම්බර් 02 වැනිදා කප්පල්තුරේදී ත්‍රිරෝද රථයකට වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් අයෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු විශේෂ කාර්ය බළකාය (STF) විසින් නොවැම්බර් 06 වැනිදා රාත්‍රියේ දික්වැල්ලේදී අත්අඩංගුවට ගෙන උප්පුවේලි පොලිසියට භාරදී තිබේ.

අත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩික්කරු යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වූ අයෙකු බව හෙළි වී ඇත. අනෙක් සැකකරුවන් දෙදෙනා ‘අයිස්’ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 32යි මිලිග්‍රෑම් 800ක් සමඟ නොවැම්බර් 02 වැනිදා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීමේදී මෙම ඝාතනයට ඔවුන්ගේ ඇති සම්බන්ධතාව අනාවරණය වී ඇත.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 24, 28 සහ 34 යන වයස්වල පසුවන දික්වැල්ල සහ ත්‍රිකුණාමලය ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර, උප්පුවේලි පොලිසිය වැඩිදුර විමර්ශන මෙහෙයවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *