Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරුන් 10 වැනිදා කොළඹ විරෝධතාවක

46 minutes ago

වසර ගණනාවක් පුරා නොවිසඳුණු වැටුප් හා දීමනා ගැටලු, 2025 වැටුප් සංශෝධනයේදී කැපූ අමතර රාජකාරී හා නිවාඩු දින දීමනා නැවත ලබානොදීම සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දැඩි වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලමින් නොවැම්බර් 10 වැනිදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත.

2015 වසරෙන් පසු විද්‍යාත්මක දත්ත මත පදනම් වූ අනුමත කාර්ය මණ්ඩල සංශෝධනයක් සිදුකර නොමැති අතර, දැනට සේවයේ නිරත වෛද්‍ය සංඛ්‍යාව 25,000කටත් වඩා අඩු වී ඇත. සේවා පරිමාව ඉහළ ගියද කාර්ය මණ්ඩල නංවාලීමට කටයුතු නොකිරීම නිසා පවතින වෛද්‍යවරුන්ට අධික වැඩබරක් එල්ල වී තිබේ.

2027 අයවැයට අදාළ යෝජනාවලියක් පසුගිය අගෝස්තු මාසයේදී රජයට භාරදී සාකච්ඡා ඉල්ලුවද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙලෙස විරෝධතා මඟට බැසීමට සිදු වූ බව GMOA පෙන්වා දෙයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *