වසර ගණනාවක් පුරා නොවිසඳුණු වැටුප් හා දීමනා ගැටලු, 2025 වැටුප් සංශෝධනයේදී කැපූ අමතර රාජකාරී හා නිවාඩු දින දීමනා නැවත ලබානොදීම සහ සෞඛ්‍ය ක්ෂේත්රයේ පවතින දැඩි වෛද්‍ය හිඟයට විසඳුම් ඉල්ලමින් නොවැම්බර් 10 වැනිදා කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) තීරණය කර ඇත.
2015 වසරෙන් පසු විද්‍යාත්මක දත්ත මත පදනම් වූ අනුමත කාර්ය මණ්ඩල සංශෝධනයක් සිදුකර නොමැති අතර, දැනට සේවයේ නිරත වෛද්‍ය සංඛ්‍යාව 25,000කටත් වඩා අඩු වී ඇත. සේවා පරිමාව ඉහළ ගියද කාර්ය මණ්ඩල නංවාලීමට කටයුතු නොකිරීම නිසා පවතින වෛද්‍යවරුන්ට අධික වැඩබරක් එල්ල වී තිබේ.
2027 අයවැයට අදාළ යෝජනාවලියක් පසුගිය අගෝස්තු මාසයේදී රජයට භාරදී සාකච්ඡා ඉල්ලුවද, සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු බලධාරීන් ඊට නිසි ප්‍රතිචාරයක් නොදැක්වීම හේතුවෙන් මෙලෙස විරෝධතා මඟට බැසීමට සිදු වූ බව GMOA පෙන්වා දෙයි.

බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි
රිමාන්ඩ් භාරයේ සිටින CI වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කරයි
බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට! සතියක් තුළ 16%කින් පහළට!
ගල්නෑව නිවසකටත් පැන්න අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්
ජනපතිගේ දීපවාලි දින පණිවිඩය
අද ලොකු වැස්සක්
ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ වෙන දිනය ගැන දැනුම්දීමක්
කොළඹ – නුවර මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරක්! තිදෙනෙක් මරුට!
දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කෙරේ