Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රිමාන්ඩ් භාරයේ සිටින CI වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කරයි

47 minutes ago

කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කිරීමට මාතර හා හම්බන්තොට දිසාභාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.

ඇය සතු Honda Vezel වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇය පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියන 1කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු විසින් මෙම මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් අදාළ රථය භාරයට ගෙන තිබුණි. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *