Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

වේළුපිල්ලේ ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව ඉන්දීය මාධ්‍ය නාලිකාවකින් අනාවරණයක්

3 years ago

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ නායක ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව ලෝක දෙමළ සම්මේලනයේ ප්‍රධානී ෆාලා නැදුමාරන් මහතා ප්‍රකාශ කරනවා.
 
ඔහු මේ බව කියා අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

” ප්‍රභාකරන් ගැන වැරදි තොරතුරු ප්‍රචාරය කරලා. අපි ඔහු සමඟ සම්බන්ධයි. මාධ්‍ය හමුව පැවැත්වෙන්නේ ප්‍රභාකරන්ගේ අවසරය ඇතිවය.ප්‍රභාකරන්ගේ බිරිඳ සහ දියණියද නිරෝගීය.

නියම වෙලාවට ජනතාව ඉදිරියට එනවා. ප්‍රභාකරන් සිටින්නේ කොහේදැයි මේ මොහොතේ ප්‍රකාශ කළ නොහැක. තමිල්නාඩු රජය සහ ජනතාව ප්‍රභාකරන්ට සහාය දිය යුතුයි.”

එමෙන්ම එහිදී ඔහු වැඩි දුරටත් අවධාරණය කරන්නේ ශ්‍රී ලංකාවේ රාජපක්ෂ පාලනය අවසන් වී ඇති නිසා අපි මෙම නිවේදනය සිදු කරන බවයි.

කෙසේ වෙත්ත ඔහුගේ එම ප්‍රකාශයත්, කොටි නායක ප්‍රභාකරන් නිරුපද්‍රිතව ජීවතුන් අතර සිටින බවත් පවසමින් සිදු කරන්නේ යළි දේශපාලනය ගුණ්ඩුවක් ද යන්න සැක මතු කරනවා.

ඒ අනුව ප්‍රභාකරන් සම්බන්ධයෙන් සිදු කළ මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය යළිත් දූෂිත ආණ්ඩුවකටම අත වැනීමක් හෝ වෙනත් හේතුවක් විය හැකියි.

කෙසේ වෙතත් මෙම ප්‍රකාශයේ සත්‍ය අසත්‍යතාව තේරුම් ගැනීම බුද්ධිමත් ඔබට භාරයි.   

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *