Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බලාපොරොත්තු ගොන්නක් හිස මත තබාගෙන ජනපති රනිල් රටවල් ද්විත්වයක සංචාරයක

3 years ago

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි දිනක සිංගප්පුරුව සහ ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ජනාධිපතිවරයා මෙම සංචාරයේ දී සිංගප්පූරු අගමැති ලී හ්සීන් ලූන් සහ ජපාන අගමැති ෆුමියෝ කිෂිඩා හමුවීමට නියමිත බවයි.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් ගිවිසුම, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය, ආයෝජන අවස්ථා සහ තවත් කරුණු සම්බන්ධයෙන් සිංගප්පුරුව සහ ජපාන නායකයන් සමඟ ජනාධිපතිවරයා සාකච්ඡා කෙරෙනු ඇති.

ජනාධිපතිවරයා ලබන 27 වනදා යළි මෙරටට පැමිණීමට නියමිතව බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *