ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන තරග 5කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් වාර්තාගත කඩුලු 6ක ජයක් වාර්තා කරමින් එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(19) සමත් වුණා.
තරගය ජය ගැනීම සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 50 තුළ දී ලකුණු 292ක දැවැන්ත ඉලක්කයක් හිමි වූ අතර, ඔවුන් එය පන්දුවාර 48.3ක් අවසානයේ දී කඩුලු 4ක් දැවී සිටියදී පසු කර යාමට සමත් වුණා.
එය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී කණ්ඩායමක් හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසයි වාර්තා අතරට එක් වුණේ. එමෙන්ම ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව එරෙහිව හඹා ගොස් තරගයක් ජය ගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ද මෙය වනවා.
ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 42 දී බිද වැටුණේ ග්ලේන් මැක්ස්වෙල්ගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල ලකුණු 25කට දැවී යාමත් සමගයි.
අනතුරුව පැතුම් නිස්සංක සමග පිටියේ එක් වූ කුසල් මෙන්ඩිස් දෙවැනි කඩුල්ල සදහා නොබිදුණු ලකුණු 170 ක සබදතාවයක් ගොඩ නැගුවේ පන්දු 181කින්.
අනතුරුව කුසල් මෙන්ඩිස්ට පාදයක ආබාධයක් හේතුවෙන් අවාසනාවන්ත ලෙස පිටියෙන් ඉවත් වීමට සිදු වුණා. ඒ වන විට ඔහු පන්දු 85කින් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 87ක්. හතරේ පහර 8ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.
පැතුම් හා කුසල් අතර ගොඩ නැගුණු සබදතාවය ඔස්ට්‍රේලියාවට එරෙහිව එක්දින තරගයකදී දෙවැනි කඩුල්ල සදහා ශ්‍රී ලංකා පිතිකරුවන් දෙදෙනෙකු ගොඩ නැගුණු ඉහළම ලකුණු සබදතාවයයි.
පැතුම් නිස්සංක අද සිය මංගල එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කළා. පන්දු 147කින් ඔහු වාර්තා කළ ලකුණු සංඛ්‍යාව 137ක්. පැතුම්ගේ ඉනිම හයේ පහර දෙකකින් හා හතරේ පහර 11කින් වර්ණවත් වුණා.
ධනංජය ද සිල්වා පන්දු 17කින් වේගවත් ලකුණු 25ක් වාර්තා කර සිටියදී ජොෂ් හේසල්වුඩ්ගේ පන්දුවක් හමුවේ දැවී ගියා. දසුන් ශානකට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැහැ. චරිත් අසලංක නොදැවී ලකුණු 13ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව ජයග්‍රහනය කරා රැගෙන ගියා.
තරගයේ කාසියේ වාසිය දිනා ගත් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.
ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 50 අවසානයේ දී කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 291ක්. ආරම්භක කඩුල්ලේ සබදතාවය ලකුණු 14කට සීමා කරමින් ඩේවිඩ් වෝනර් ලකුණු 9කට දැවී ගියා. මිචෙල් මාෂ් ලකුණු 10යි.
ආරෝන් ෆින්ච් ලකුණු 62ක් රැස් කළේ පන්දු 85කින්. මර්නස් ලබුෂේන් ලකුණු 29යි.
ඇලෙක්ස් කෙරී හා ට්‍රැවිස් හෙඩ් අතරේ 5 වැනි කඩුල්ල සදහා ලකුණු 72 ක සබදතාවයක් ගොඩ නැගුණා. කෙරී ලකුණු 49කට දැවී ගිය අතර. හෙඩ් නොදැවී ලකුණු 70(65)ක් ලබා ගත්තා. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 33(18)යි.
පන්දු යැවීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ලකුණු 49කට කඩුලු 3 ක් දවා ගත්තා.

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති