Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්

26 minutes ago

අභියාචනාධිකරණයේ වැඩබලන සභාපති ලෙස අභියාචනාධිකරණ විනිසුරු මායාදුන්න ශ්‍රී මෙවන් ඇන්තනී එදිරිමාන්නසූරිය කොරයා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කරනු ලැබ තිබේ.

අභියාචනාධිකරණයේ සභාපති ලෙස කටයුතු කරන ජනාධිපති නීතිඥ නලීන් රොහාන්ත අබේසූරිය මහතා මෙම මස 24 වන දින දක්වා විදේශගත වන බැවින් එම ධුරයේ වැඩබැලීම සඳහා අදාළ පත්වීම සිදු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) නිවේදනය කරයි.

ඒ අනුව, විනිසුරු මායාදුන්න කොරයා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී අද (21) පෙරවරුවේ දිවුරුම් දුන් අතර, මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා ද එක්ව සිටියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *