මේ වසර අවසානයේ රාජ්‍ය සේවයට එක්ලක්ෂ විසි එක්දහසක් බඳවා ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.
වසර ගණනාවකින් රාජ්‍ය සේවය සඳහා බඳවා ගැනීම් සිදු නොකළ බවත්, මේ වසර අවසානයේ පොලිසීයට 10,000ක් සහ ගුරුවරුන් 23,000ක් ලෙසින් රාජ්‍ය සේවයට 120,000ක පිරිසක් බඳවා ගන්නා බවයි ජනපතිවරයා සඳහන් කළේ.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ “ආණ්ඩුවට වසර දෙයි රටට සුබයි” යන තේමාවෙන් යුතුව මාතර අකුරැස්සේ අද (20) පැවැති මහජන රැළිය අමතමින්.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද පැවසුවා.
“අපි රැකියා අවස්ථා හදනවා. අවුරුදු ගණනාවකින් රාජ්‍ය සේවයට බඳවා ගත්තේ නෑ. අපි හිතූ හිතූ විදිහට බඳවා ගන්නෙත් නෑ. පුරවන්නේ නෑ. අපි අගමැතිනිය ප්‍රධානත්වයෙන් කමිටුවක් දැම්මා. දාලා කිව්වා හැම ආයතනයට අවශ්‍ය ප්‍රමාණය මොකක්ද? අවශ්‍යමද? ඒගොල්ලන්ට වැඩක් තියෙනවාද? නිකං පුටුවේ වාඩිවෙලා ඉන්න වෙයිද? නිකං වැඩක් නැතුව ඉන්න වෙයිද? එහෙම පිරෙව්වේ නැහැ. එහෙම අපි හොයාගත්ත අය එක්ලක්ෂ විසි එක්දාහක් අලුතින් රාජ්‍ය සේවයට බඳවා ගන්නවා. මේ අවුරුද්දේ. තාම ඔක්කෝම බඳවා ගන්නේ නැහැ. පොලීසියට 10,000ක්, ගුරුවරු 23,000ක් බදවා ගන්නවා. ගමේ තරුණයකුට රස්සාවක් හම්බ වෙනවා. ඒක ආර්ථික හයියක් වෙන

උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති
රටම බලා සිටින තීරණාත්මක නඩු තීන්දුවක් හෙට
දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන කිහිපයක් එකිනෙක ගැටෙයි! 10කට වැඩි පිරිසක් රෝහලට!
හිටපු ඇමති විමල් වීරවංශ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු
ව්‍යාජ උපාධි සහතික සැකසූ ජාවාරමක් වටලයි
දිවයිනේ වැඩිම වැස්ස නාවලපිටියෙන්