Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

උදේට උළුහාල් වතුර බිව්වොත් වෙන දේ අහුවොත් ඔබ පුදුම වෙයි

1 year ago

දවසින් දවස බෝ නොවන රෝග වලට ගොදුරු වන ප්‍රමාණය අවසානාවන්ත ලෙස ඉහල යනවා. ඒ අතරිනුත් හදවත් රෝග, කොලේස්රරෝල්, හා දියවැඩියාව කියන්නේ වැඩි දෙනෙකුට වැළඳෙන ප්‍රධානම රෝගී තත්ත්වයන්. නිරෝගී සම්පත තරම් විටිනා ලාභයක් අපිට තවත් නැහැ. ඒ නිසා විවිධ ලෙඩ රෝග වලින් ආරක්ෂා වෙන්න අවශ්‍ය මඟ පෙන්වීම අපි හැමදාම ඔයාට ලබා දෙනවා. දියවැඩියාව කියන්නෙත් අද වෙද්දී බහුතරයක් දෙනා තුල දකින්න පුළුවන් රෝගී තත්ත්වයක්. මේ තත්ත්වයෙන් ආරක්ෂා වෙන්නත් රෝගය වැළඳුනු අයට සුවපත් වෙන්නත් තියෙන වටිනා ඖෂධයක් තමයි උළුහාල් කියන්නේ.

උළුහාල් තේ හැන්දක උළුහාල් කියන්නේ ඔබට පසසුවෙන්ම සපයා ගන්නත් පුළුවන් අමුද්‍රව්‍යක්. ඒ වගේම ඔබේ ආහාර වේල රසවත් කරන උළුහාල් වලින් දියවැඩියාව සුව කර ගන්න ලොකු සහයක් ලැබෙනවා. උළුහාල් වලට ලේ වල තියෙන ග්ලූකෝස් සාන්ද්‍රණය අඩු කිරීමේ ඉහල හැකියාවක් තියෙනවා. ඒ නිසා උළුහාල් භාවිතයෙන් දියවැඩියාව ඇතුළු බෝ නොවන රෝග කිහිපයක අවදානමෙන් මිදෙන්න ඔබට පුළුවන්. බලන්නකෝ කොහොමද ඒක කරන්නේ කියලා.

  1. පිරිසිදු වතුර වීදුරුවකට උළුහාල් තේ හැන්දක් දමා රැයක් තියෙන්නට හැර උදෑසන පානය කරන්න.
  2. හැමදාම උදේට මද උණුසුම් උණු වතුර වීදුරුවක උළු හාල් කුඩු තේ හැන්දක් දිය කර පානය කරන්න.
  3. උළු හාල් ඇට, සූදුරු ඇට සමානව අරගෙන හොඳින් අඹරා ගන්න. මේ මිශ්‍රණයෙන් තේ හැන්දක් උදේ සහ රාත්‍රී ආහාරයට කලින් මද උණුසුම් වතුරට එක් කර පානය කරන්න.
  4. ඒ වගේම ඔබ අහාර පිළියෙළ කරද්දීත් ආහාර වලට අමතක නොකර උළුහාල් එකතු කරන්න. ආහාර වල රසය වගේම ඔබේ සෞඛ්‍යයත් ආරක්ෂා වේවි.

ඒ වගේම ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වලටත් හොඳ විසඳුමක්. සීනි හා කාබෝහයිඩ්‍රේට උරා ගැනීමත් අඩු කරමින් දියවැඩියා තත්ත්වය ඇති වෙන්න තියෙන ඉඩ ප්‍රමාණය අවම කරනවා. ශරීරය සීනි වැය කරන ප්‍රමාණය ඉහළ නංවන්නත් දායක වෙනවා. බඩේ අමාරුව, බඩවැල් හා ආමාශයේ ආසාදන වැනි බොහෝ ආහාර ජීර්ණය සම්බන්ධ ගැටළු වලට උදව් වෙන්න උළුහාල් වලට පුළුවන්.ඒ වගේම මෙහි ඇති තන්තු මලබද්ධය වැනි තත්ත්වයන්ටත් සහනය සලසනවා.
-උපුටාගැනීමකි-

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *