Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

චාමර සම්පත්ට රට යන්න අවසර

22 minutes ago

දූෂණ චෝදනා එල්ල වී තිබෙන පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද මෝසමක් මාර්ගයෙන් අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර චාමර සම්පත් දසනායක මහතා අධිකරණය හමුවේ පෙනී සිටියා.

එහිදී විත්තිකරුට විදේශ සංචාරයක නිරත වීමට අවශ්‍ය වේ තිබෙන බැවින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කරන ලෙස විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කරුණු සලකා බැලූ අධිකරණය අදාළ විදේශ ගමන් තහනම තාවකාලිකව ලිහිල් කිරීමට නියෝග කළා.

2016 වසරේ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ එම පළාත් සභාව සදහා රේඛනය කළ චෙක්පතක් සිය පුද්ගලික ගිණුමකට තැන්පත් කර ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කළ බවට චෝදනා කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *