ලැබීම් සහිත වසරකි
ගෘහ ජීවිතය :- යෝග කාරක ග්‍රහයින් වන රවි භාග්යස්ථානයෙන් ගුරු ධනස්ථානයෙන් ගෝචරවීම සුබ පල ගෙන එයි. දිරියෙන් උත්සාහයෙන් අනාගතය පිළිබඳ යහපත් තීන්දු තීරණ ගැනීමට ඔබට හැකිවෙයි. දරුවන්ගේ අනාගතය සාර්ථක වන වැඩපිළිවෙළකට අත ගසයි. පදිංචි ස්ථානයේ පුණ්‍ය කටයුතු සිදුකරයි. අතපසු වූ වැඩ කොටස් ඇත්නම් යළි ඒවා ගොඩනංවන්නට සැලසුම් සහගතව ක්‍රියා කරයි. ආර්ථිකය ශක්තිමත් වේ. මාර්තුවල සෙනසුරු මාරුවෙන් පසු ඔබට ද ලග්න ඒරාෂ්ටකයක් ආරම්භ වෙයි. එම බාධා මැඩ පවත්වා ගැනීමට සෙනසුරු වෙනුවෙන් කරන සෙත් ශාන්ති කරගත යුතුය. නීච භංග යෝග, සූනපා යෝගය, ජය යෝගය, හර්ෂ යෝගය යනාදී ග්‍රහබල මේ වසරේ යෙදී ඇත.
රැකියාව :- කරන කියන රැකී රක්ෂා ව්‍යාපාරවලින් ආදායම් ලබන වසරක් බව පෙන්වයි. මැයි මාසයෙන් පසුව රාහු 11 වැන්නට ඒම ලාභ ප්‍රයෝජන මෙන්ම වෙනත් ලැබීම් ද ඇති කරයි. තැන්පත් ධනයක් පවත්වා ගැනීමට ඔබව උනන්දු කරවයි.
අධ්‍යාපනය :- උසස් අධ්‍යාපනය කරගෙන යන දරුවනට අපේක්ෂිත ඉලක්කයක් කරා යාමට උසස් විභාග ජයග්‍රහණය කිරීමට හැකියාව ඇත. මුල් මාස කීපය තුළ කලා අංශවල දරුවනට විදෙස් ගමන් ද යෙදේ. ජයග්‍රහණ අත්වෙයි.
සෞඛ්‍යය :- හිසරදය, සෙම් රෝග නිරතුරුව දක්නට ලැබෙන බැවින් ප්‍රතිකාර ගත යුතු අතර උෂ්ණාධික රෝග ද හටගනී.
ඔබගේ කේන්ද්‍රයේ 12, 1 යන රාශියක සඳු පිහිටා ඇත්නම් සෙනසුරුගේ ඒරාෂ්ටක ගැන විමසිලිමත්ව සෙත් ශාන්තිවලට යොමුවිය යුතුය. මෙම ඉදිරි වර්ෂය අපල දුරුකරගෙන සුබ පලයක් ළඟාකර ගැනීම සඳහා දාන මාන පින්කම් කටයුතු ශීල භාවනා වැඩසටහන් අසරණ මිනිසුන්ට උදවු උපකාර බලුකපුටු දාන, කිරි ආහාර පූජා මෙන්ම අටවිසි බුද්ධ පූජා ද කිරීම යහපත් වේ. තමාට තනිවම බැරි නිසා මෙවන් දෑ සාමූහිකව සිදුකිරීම වඩාත් ප්‍රතිඵලදායක වේ.
සුබ අංක – 6, 8, 9 සුබ වර්ණය – නිල්
සුබ දවස් – අඟහරුවාදා, බදාදා සිකුරාදා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි
සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ඉන්ධන පිරිමැස්ම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ලබන වසර මුල සිට මෙරට ජනතාවට විදුලි දුම්රියක ගමන් කිරීම්කට අවස්ථාව
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්