ප්‍රධානීන්ගෙන් උදවු උපකාර
ගෘහ ජීවිතය :- නව වසර ආරම්භයත් සමඟම භාග්‍යස්ථාන අධිපති රවි ලග්නගතව සිටීම අනුව තමාගේ සිතැඟි පරිදි යම් අභියෝගයක් තිබුණේ නම් එය ජය ගැනීමට අවස්ථාව උදාවෙයි. නිෙවසෙහි රැඳී සිටින්නට ඉඩ කඩ නොමැති අවිවේකී බවක් පෙන්වයි. සතුරන් පරාජය කරයි. වසරේ මැද භාගයෙන් පසුව බොහෝ සුබපල උදාකර දෙනු ඇත. එතෙක් රැවටිලිවලට හසු නොවී කටයුතු කිරීමට බුද්ධිමත් විය යුතුව ඇත. උභයචාරී යෝග, සූනපා අන්යා යෝග, විමලා යෝගය, ජය යෝගය යනාදී ග්‍රහ බල යෝග ඔබට එළඹෙන නව වසර ජය ගැනීමට භාග්‍ය මතුකර දෙයි. ප්‍රධානීන්ගෙන් උදවු උපකාර ලැබේ. පුණ්‍ය කටයුතු සිදුකරයි.
රැකියාව :- රැකියාවේ කටයුතු වෙනුවෙන් දුරබැහැර ගමන් යෙදෙන මේ වසර තුළ විදෙස් ගමන් ද යාමට අවස්ථාව සැලසේ. පරීක්ෂණ ක්ෂේත්රයේ රැකියා අවස්ථා ලබාදෙයි. දේපළ, ඉඩකඩම් සම්බන්ධයෙන් තැන්පත් ධනය යෙදවීම වැඩිහිටි අයගේ උපදෙස් මත සිදුකරන්න. ලාභ ප්‍රයෝජන ලද හැකි වසරක් වුවද වියදම් පක්ෂය ද වැඩි බැවින් ඉතිරි කිරිම සුළු වශයෙනි. අනවශ්‍ය වියදම් අඩු කරන්න.
අධ්‍යාපනය :- රවි ග්‍රහයා ලග්නයේ සිට සිය උච්ච රාශිය දකින බැවින් විභාග ජයග්‍රහණය කිරීමට දරුවනට බුද්ධි වර්ධනයක් සිදුවේ. රාජ්‍ය අංශවලින් ද අධ්‍යාපනික ක්ෂේත්රයේ වෙනසක් සිදුවිය හැකි අතර එය දරුවන්ගේ යහපතට හේතුවේ. රාජ්‍ය අංශවලින් ලබාගත හැකි පල ප්‍රයෝජන ගැන අවධානයෙන් සිටින්න.
සෞඛ්‍යය :- උදර රෝග, සෙම් රෝග, පිත් රෝග ද ඇතිවිය හැකියි. කොඳුඇට පෙළ ආශ්‍රිතව ද ගැටලු පැන නැඟිය හැක.
ඔබගේ කේන්ද්‍රයේ 4, 5 යන රාශියක සඳු සිටී නම් පමණක් තරමක අපල තත්ත්වයක් සෙනසුරුගෙන් නිර්මාණය වේ. එසේ නම් සෙනසුරු ග්‍රහ අපල වෙනුවෙන් කළ යුතු පිළිවෙත් සිදු කළ යුතුය. නීතිමය ගැටලු ඇස්වහ කටවහ දෝෂ චීත්ත පීඩා සතුරු කරදර ඔබ කරා ඒමේ ඉඩකඩ ඇති බැවින් දානමාන පින්කම්, බලුකපුටු දාන, වෙල් මාළුන්ට ආහාර, අසරණ අයට උපකාර කිරීම් නොපමාව සිදු කරන්න. රතන සූත්‍රය, ජය පිරිත, මෝර පිරිත, සූර්ය පිරිත උදේ සවස කියන්න. අසන්න.
සුබ අංක – 3, 5, 6, සුබ වර්ණ – කොළ, තැඹිලි,
සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්