අනාගතය සැලසුම් කරයි
ගෘහ ජීවිතය :- ලග්නයේ බුධත් ලග්නාධිපති 9 වැන්නවූ භාග්‍යස්ථානයේත් ගෝචර වෙමින් ආරම්භ වන වර්ෂයට ඔබට අයහපත් නොවේ. අලංකාරවත් ලෙස ගේ දොර කටයුතු සැලසුම් කරන්නට ඔබට හැකියාව ඇතිබව පෙන්වයි. මාර්තු මාසයේ සිදුවන සෙනසුරු මාරුවෙන් ධෛර්යවන්තව උත්සාහය කැපවීම ඇතිව අනාගතය සැලසුම් කරයි. වසරේ මැද භාගයෙන් පසුව විශේෂයෙන් මැයිවලින් පසුව රාහු සිවුවැන්නට යාම නිසා කලබලකාරී බවක් ඇතිවෙයි. ගමන් බිමන් අධික වේ. ඒ කාලය තුළ මානසික තත්ත්වය සිහි කල්පනාව හොඳින් පවත්වාගත යුතුය. රැවටිලිවලට හසුවීමට ඉඩ ඇති බැවින් බුද්ධිමත් වන්න. වොගී යෝගය, සූනපා යෝගය, ජය යෝගය වැනි ග්‍රහ යෝග බල මෙන්ම සස යෝගය ද පවතී. ඒවා සුබපල ගෙන දෙයි.
රැකියාව :- රැකියා ව්‍යාපාරවලින් ලාභ ආදායම් ලබන්නට හැකිවෙයි. සුඛෝපභෝගී භාණ්ඩ ස්වර්ණාභරණ මැණික් යනාදියට සුබ කාලයකි. නව රැකියා ලාභ ද ඇත. සැපහසු රැකියා ලැබීමේ භාග්‍යය ද පවතී. මැයි මාසයෙන් පසුව ගෘහස්ථ රැකියාවලට සුළු අපලකාරී බවක් කලබලකාරී බවක් පෙනෙන්නට ඇත.
අධ්‍යාපනය :- වසර ආරම්භයේ අධ්‍යාපනයට බාධා පවතින්නේ රාහු විද්‍යාස්ථානයේ ගෝචරව සිටින බැවිනි. ජනවාරි අග සිට අප්‍රේල් මාසය දක්වාම සිකුරු උච්චව සිටින බැවින් අධ්‍යාපනයට තිබූ බාධා අවම වෙයි. කලා ක්ෂේත්‍රයේ ජයග්‍රහණ අත්කරගනී. රාහු නිසා අමතකවීම් අතපසුවීම් බාහිර දේට සිත යාම වැනි දේ පෙන්නුම් කරන බැවින් සිහිබුද්ධිය පවත්වාගන්න.
සෞඛ්‍යය :- ගර්භාශ රෝග, සෙම් පිත් රෝග, උගුරේ වේදනා, මානසික රෝග ආදියට ඉඩ ඇත.
ඔබගේ කේන්ද්‍රයේ උපතේදී සඳු 5, 6 යන රාශියක සිටියේ නම් ඒරාශ්ටක අපල තත්වයක් උද්ගතවීමට ඉඩ ඇත. එසේ නොමැති නම් බිය විය යුතු නැත. එහෙත් නව වසරේ අපල උපද්‍රව අවම කරගෙන සහනය ළඟා කර ගැනීමට පහත සෙත් ශාන්තිවලට යොමුවන්න. ධර්ම පත්‍රිකා බෙදාහැරීම්, ධර්ම දේශනා කරවීම්, දාන ශීල භාවනා වැඩසටහන්වලට සම්බන්ධවීම වැටකෙයියා මල් පිදීම, ඉවසීම කරුණාව වැනි ගුණධර්ම, අන්‍ය්‍යන්ට උදවු කිරීම, බෝමළුව පිරිසිදු කිරීම, බෝධි වන්දනා ආදිය කළ යුතුය.
සුබ අංක – 1, 7, 9, සුබ වර්ණ – කහ, තැඹිලි,
සුබ දවස් – ඉරිදා, බ්‍රහස්පතින්දා, අඟහරුවාදා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්