රැකියා දියුණුව ඇතිවේ
ගෘහ ජීවිතය :- ආරම්භයේදී ලග්නාධිපති සිකුරු යෝගකාරක සෙනසුරු සමඟ 5 වැන්නේ ගෝචර වීම යහපත්ය. කුජ 10 වැන්නේ තැන්පත්වීමත් අනුව ගෙදරදොර දියුණුවට වැඩකටයුතු කර ගැනීමට හැකි සුබ වසරක් සේ පෙන්වයි. දෙමාපිය සහයෝගය ලැබදෙයි. දුර්වල අයට ඇප උපකාර කරමින් දෙලොව දියුණුවට වැඩ කර ගැනීමට දක්ෂය. වචනයෙන් අන්‍යයන්ගේ සිත් දිනයි. මාර්තු මාසයෙන් පසුව සෙනසුරු මීන, රාශිගතවීමෙන් දරුවන්ගේ කලා අධ්‍යාපනයට සුබ වේ. විවාහ, දරුපල ආදියට ද යහපත්ය.
රැකියාව :- රැකියා ස්ථානය වූ 10 වැන්නේ කුජ ග්‍රහයාගේ ගෝචරය අයහපත් නොවේ. කරන කියන රැකියා කටයුතුවලින් මිල මුදල් උපයා සපයා ගනී. නිල ඇඳුමක් ඇඳ කරන රැකියාවලට උරුමකම් ඇත. රැකියාව සම්බන්ධයෙන් එඩිතරය බියගුලු නැත. කෘෂිකාර්මික අංශය ද දියුණු වේ.
අධ්‍යාපනය :- මුල් කාලසීමාව අධ්‍යාපනික ප්‍රගතියක් දැක්වේ. නැටුම් ගැයුම් ගායනය යන අංශවලින් ජයග්‍රහණය ලබයි. මැයි මාසයෙන් පසුව ගුරු 9 වැන්නට ඒම සුබදායකය. උසස් අධ්‍යාපනික ජයග්‍රහණ ලබයි. එහෙත් රාහු 5 වැන්නට යාම ප්‍රාථමික අධ්‍යාපනය ලබන දරුවනට බාධා ගෙනදෙයි. ඉගෙනීමට වඩා වෙන දේට අවධානය යොමු කරයි.
සෞඛ්‍යය :- අජීර්ණ, හිරිවාත, තුනටිය ආශ්රිත රෝග, මුත්‍රා දෝෂ ආදියට ඉඩ ඇත.
උපතේදී ඔබගේ හඳහනේ සඳු ග්‍රහයා 6, 7 යන භාවයක සිටියේ නම් පමණක් ඒරාෂ්ටක අපල පවතී. එසේ නොමැති නම් බිය විය යුතු නැත. දශාවේ අපල බලා ඒවාට සත්කාර කර ගන්න. රාහු 5 වැන්නේ ගෝචරවීම මැයි මාසයෙන් පසුව බැවින් ඒ කාලයේ දරුවන් ලවා වැටකේ මල් පූජා කරවන්න. විෂ්ණු දෙවියන්ට පින් දී රාහු අපල දුරලන මෙන් ඉල්ලන්න. වැටකෙයියා පැළයකට සත්කාර කරන්න.
සුබ අංක – 6, 9, සුබ වර්ණ – සුදු, ලා නිල,
සුබ දවස් – බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්