Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2025 වසරේ ලග්න පලාපල – මීන ලග්නය

2025 වසරේ ලග්න පලාපල – මීන ලග්නය

1 year ago

රාජ්‍ය නිලධරයන්ගේ ප්‍රසාදයට

ගෘහ ජීවිතය :- බාධක මැදින් ජයග්‍රහණය කරන උත්සාහයෙන් යුතුව ග්‍රහයින් දෙන අසුබ කිරණ සුබතාවට පත්කරගන්නා වසරකි. යුගදිවියේ ගැටලු නිරාකරණය කර ගැනීමට ගුරුගේ දෘෂ්ටියෙන් හැකිවනු ඇත. ආර්ථික අපහසුතා පැන නැඟුණත් ඒවා තාවකාලික වේ. මාර්තු 29 දින සෙනසුරුගේ මාරුවෙන් ඒරාෂ්ඨකයේ බලපෑම වැඩියෙන් දැනෙන්නට පටන්ගන්නා නිසා ඔබ වසර ආරම්භයේ සිටම ධාර්මික කටයුතුවල නියැළෙමින් ජීවිතයට ශක්තියක් එක්කර ගත යුතුයි. ඔබ සිතන පතන සියලු දේ අත්පත් කර ගත හැකි ග්‍රහබල යෝග ඔබ සතුය. විමලා යෝගය, වොශී යෝගය, සූනපා යෝගය, සරලා යෝගය වැනි ග්‍රහබල තුළින් නව ආලෝකයක් 2025 වසරට එක්වනු ඇත.

රැකියාව :- රවි 10 වැන්න වූ රැකියා ස්ථානයේ ගෝචරවීම, 10 අධිපති ගුරු 3 වැන්නේ සිටීම අනුව කථාවේ නිපුණත්වයක් ඇතිව අන්‍යයන්ගේ, රාජ්‍ය නිලධාරින්ගේ ප්‍රසාදය දිනා වැඩකටයුතු කළ හැකියි. නව රැකියා ලාභ ගෙන දෙයි. එහෙත් මැයි මාසය තෙක් බුද්ධිමත් තීන්දු තීරණ ගැනීමත් කරන්ට යන දේ දෙවරක් සිතීමත් අවශ්‍ය වන්නේ රාහු ලග්නගතව සිටින නිසාවෙනි. නොයෙකුත් පැටලිලිවලට මැදිවීමට ඉඩ ඇති බැවිනි.

අධ්‍යාපනය :- අධ්‍යාපනය ලබන දරුවනට පොතපත දැනුම කියවීමේ රුචිය වර්ධනය කරයි. ප්‍රාථමික සහ උසස් අධ්‍යාපනික ජයග්‍රහණ අත්කර ගැනීමට හැකිවේ. ගැටලු තැන් නිරවුල් කරගැනීමට දක්ෂ ගුරුභවතුන් සොයා යාමට සිදුවේ.

සෞඛ්‍යය :- හිසරදය, අලස බව, නිදිමත, පාදවල වේදනා, සුළු අනතුරු, ඇස්වහ කටවහ දෝෂ තිබෙන්නට පුළුවන.

අපල මඟහරවා වසර සුබ කර ගැනීමට පහත සෙත් ශාන්තිවලට යොමුවන්න. සෙනසුරාදා දින ආබාධ සහිත අයට ආහාරපාන, වෙල් මාළුන්ට පොරි දැමීම, බලුකපුටු දාන සහ අටවිසි බෝධිපූජා තැබීම, අටපිරිකරක් භික්ෂූන් වහන්සේ නමකට පූජා කිරීම, වැටකෙයියා මල් පූජා කර විෂ්ණු දෙවියන්ට පින්දීම, වැටකෙයියා පැළයකට සත්කාර කිරීම, භික්ෂු සංඝයාට දානමාන දීම, ගිලන්පස පූජාකිරීම, දානශීල භාවනාවල නිරතවීම වැනි දේ කළ යුතුය. ජය පිරිත, සජ්ජායනය කිරීම (උදේ සවස).

සුබ අංක – 3, 4, 9,  සුබ වර්ණ – රතු, කහ, තැඹිලි,
සුබ දවස් – අඟහරුවාදා, ඉරිදා, බ්‍රහස්පතින්දා

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *