බාධක මැදින් ජයග්‍රහණය
ගෘහ ජීවිතය :- 5 අධිපති ගුරු 10 වැන්නේ ගෝචරවීම කර්ම බලය ශක්තිමත් කරන ග්‍රහ ගෝචරයකි. එහෙත් යෝගකාරක කුජ 12 වැන්නට යාම දියුණුවට බාධක මතු කරන බැවින් බොහෝ කල්පනාකාරීව වැඩකටයුතු කළ යුතුව ඇත. ඥාති හිතවත් අයගෙන් උපකාර හිමිවේ. පවුලේ දියුණුව සලසා ගැනීමට හැකියාව ඇත. වෙහෙසකර වැඩවල යෙදෙන්නට සිදුවේ. දරුවන්ගේ යහපත් අරමුණු සපල වේ. විමලා යෝගය, නීචභංග යෝගය, ජය යෝගය භාග්‍ය මතු කරයි.
රැකියාව :- රාජ්‍ය අංශ, පෞද්ගලික අංශවලට වඩා තම උත්සාහයෙන් ආරම්භ කරන ස්වයං රැකියා වැනි ව්‍යාපාර දියුණු වේ. සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය තුළින් ද ලාභ ප්‍රයෝජන අත්වේ. කෘෂිකර්මය ආශ්‍රිතව ගොවිතැන් දියුණු කරගැනීමේ කාර්යයන් සපල වේ. ව්‍යාපාර අංශ වෙනස් විය හැකිය.
අධ්‍යාපනය :- විවිධ භාෂා ඉගෙනීමේ දක්ෂතාවන් දරුවන් තුළ ගොඩනැඟේ. තැන්පත් බුද්ධියකින් යුතුව පොතපතට යොමුවෙයි. කලා අංශවල දරුවන්ගේ ප්‍රගතියක් ගෙන දෙයි. එම විභාග ජයග්‍රහණය කරයි. පාසලේ ගරුත්වය රැකගනී.
සෞඛ්‍යය :- මුත්‍රා ආසාදන, අජීර්ණ, ස්නායු දුබලතා ඇතිවිය හැකි බැවින් සෞඛ්‍ය තත්ත්වය පරීක්ෂා කරගන්න.
මාර්තු මාසයෙන් පසුව සෙනසුරු අෂ්ටම ඒරාෂ්ටකයක් බලපැවැත්වෙයි. එය අවුරුදු 1 1/2ක් තරම් කාලයකිත ඒ කාලය තුළ අපල අනතුරු ඇතිවිය හැකි බැවින් කරන කියන වැඩකටයුතු යන එන ගමනබිමන් වලින් ප්‍රවේශම් වන්න.
සෙනසුරාදා දින බෝධි පූජා, කිරි ආහාර පූජා තබා ධර්ම දේශනා ශ්‍රවණය කිරීම, පිරිත් ඇසීම, භාවනා කිරීම යන දේට යොමුවන්න.
ගිලනුන්ට, වයසක අයට උපස්ථාන කරන්න. ඔබගේ 8 වැන්න තුළ සඳු සිටී නම් ඒරාෂ්ඨක දෙකක් නිර්මාණය වීමට ඉඩ තිබෙන බැවින් හඳහන පරීක්ෂා කර ගැනීම වැදගත් වේ.
සුබ අංක – 1, 4, 5 සුබ වර්ණ – රතු, තැඹිලි
සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්