Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

2024 අලුත් අවුරුදු ලග්න පලාපල - මිථුන ලග්නය

2025 වසරේ ලග්න පලාපල – මිථුන ලග්නය

1 year ago

ජයග්‍රාහී වසරක්

ගෘහ ජීවිතය :- ගෙදර දොර වාසනාව මතුකර දෙන කාලයකි. සිතෙහි සතුට මෙන්ම පුණ්‍ය කටයුතු කෙරෙහි උනන්දුවක් ද ඇතිවේ. විවාහ, රැකියා, තනතුරු, ගේදොර ආදී යහපත් අවශ්‍යතා ඉටුවීම තුළින් ඔබට ජීවිතයේ දියුණු මාවතකට අවතීර්ණ විය හැකි වර්ෂයකි. පවුලට නව සාමාජිකයන් එකතුවීමේ භාග්‍ය මතු කරයි. ජය යෝගය නීච භංග යෝගය ලක්මී යෝග ඇත. වසර ආරම්භයේම යම් ඉලක්කයක් ඇතිව කටයුතු ආරම්භ කිරීම තුළින් අභියෝග ජය ගැනීම පහසුය. වොශී යෝගය, ජය යෝගය, ලග්නාධි යෝගය, පුනපා යෝගය යනාදී ග්‍රහබල ඇත.

රැකියා :- වෙළෙඳ ව්‍යාපාර මෙන්ම කරන කියන රැකී රක්ෂාවලින් සැලකිය යුතු ලාභ ලැබීමට හැකියාව පවතී. ස්ථාන මාරුවක් හෝ රැකියාවේ වෙනසක් ඇතිවීමට ද ඉඩකඩ ඇත. මොළය වෙහෙසවා කරන කටයුතුවලින් ද මුදල් උපයා ගනී. යම් දෙයකට මුදල් ආයෝජනයක් කරන්නේ නම් එය දෙවරක් සිතා බලන්න. විදෙස් රැකියා සඳහා ද භාග්‍ය ඇත. තැන්පත් ධනය ආරක්ෂා කරගන්න.

අධ්‍යාපනය :- නව පාඨමාලා ඉගෙනීමට මෙන්ම විදෙස් අධ්‍යාපනය ඉල්ලුම් කර තිබූ අයට ඒවාට මාර්ග සැලසෙන කාලයකි. දරුවන් වෙනාදාට වැඩි උනන්දුවකින් පොත පතෙහි නියැළේ. යහපත් ලෙස ඉගැන්වීමේ යෙදෙන ගුරුවරු මුණගැසේ. මහන්සි වී වැඩකර විභාගවලට මුහුණු දෙයි.

සෞඛ්‍යය :- දණහිස් ආබාධ, හෘදය සම්බන්ධ රෝගාබාධ, රුධිර පීඩනය වැනි දේට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරගන්න.

ඔබගේ හඳහනේ 10, 11 යන රාශියක සඳු සිටියේ නම් මිස වෙනත් ඒරාෂ්ටක අපල නොයෙදේ. එලෙස සිටී නම් ඒරාෂ්ටක අපල සඳහා බලුකපුටු දාන, ආබාධිත අයට ආහාරපාන ලබා දෙන්න. ඔබට ගතවෙන දශාව කුමක්දැයි පරීක්ෂා කර ඒවාට අදාළ සෙත් ශාන්ති කර ගැනීමෙන් ඉදිරි වසර තුළ සිදුවන්නට තිබෙන්නාවූ අයහපත අඩු කර යහපත සලසා ගත හැකියි.

සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, කහ,
සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

මේෂ ලග්නය

වෘෂභ ලග්නය

මිථුන ලග්නය

කටක ලග්නය

සිංහ ලග්නය

කන්‍යා ලග්නය

තුලා ලග්නය

වෘශ්චික ලග්නය

ධනු ලග්නය

මකර ලග්නය

කුම්භ ලග්නය

මීන ලග්නය

ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *