බුද්ධිමත් තීන්දු තීරණ
ගෘහ ජීවිතය :- නව වර්ෂය ආරම්භයේදීම සඳු ග්‍රහයා ඔබගේ ලග්නයේම ගෝචරවීම මානුෂීය ගුණ අංශ තුළින් ධර්මානුකූලව ජීවිතයක් පවත්වාගෙන යාමට අදිටන් කර ගැනීමකි. අවුරුදු 7 1/2ක් තුළ පැවති ලග්න ඒරාෂ්ඨටකයක ද 2025 මාර්තු 29 දින අවසන් වනවාත් සමඟම ජයග්‍රාහී මාවතක ගමන් කිරීමට ඔබට හැකිවනු ඇත. ක්ෂේම යෝගය, ලක්ෂ්මී යෝගය, ජය යෝගය, සූනපා යෝගය වැනි ග්‍රහබල යෝග පෙන්වන බැවින් ගෙදරදොර කටයුතු ඉවසීමෙන් කරගෙන යෑමෙන් හා බුද්ධිමත් තීන්දු තීරණ ගැනීමෙන් සමෘද්ධිමත් කරගත හැක. අතපසු වූ සියලු කටයුතු පලදරනු ඇත. පවුලේ සාමාජිකයන් එකතුව දානමාන පින්කම් කරමින් සතුටින් දිවි ගෙවීමට භාග්‍ය පවතී.
රැකියාව :- කරන කියන රැකී රක්ෂා, වෙළහෙළඳාම්, ගොවිතැන් කටයුතුවලින්, ලාභ ආදායම් හිමිවෙයි. උත්සාහය කැපවීම ඔබ සතුව පවතී. විසිතුරු සුඛෝපභෝගී භාණ්ඩ අලෙවිය, ස්වර්ණාභරන හා මැණික් කර්මාන්ත සිදුකරගෙන යන අයට ද යහපත්ය.
අධ්‍යාපනය :- නව වැන්නේ කේතු හා 5 වැන්නේ ගුරු ද ගෝචරවීම අධ්‍යාපනය ලබන දුවා දරුවන්ගේ ජයග්‍රහණවලට හේතු වේ. පරිගණක තාක්ෂණ අංශවල හා නීතිමය අංශ හදාරන දුවා දරුවන්ට සුබපල ගෙන එයි.
සෞඛ්‍යය :- සෙම් රෝග, හතිය, අක්මා රෝග ද අක්ෂි රෝග ආදිය ද හට ගැනීමට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්වය පිළිබඳ සැලකිලිමත් වන්න.
අපල අවම කර ගැනීමට පහත අයුරු කටයුතු කරන්න. ඔබගේ කේන්ද්‍රයේ සඳු ග්‍රහයා 3, 4 යන ස්ථානවල නොසිටී නම් ඔබට කිසිදු ඒරාෂ්ටක තත්වයක් ඉදිරියේදී දක්නට නොමැත. දැනට ගෙවී යන ඒරාෂ්ඨටකය නිසා මාර්තු වන තෙක් කරන කියන කටයුතුවලදී ප්‍රවේශමෙන් වැඩ කරන්න. රාහු දෙවෙනි භාවයට පැමිණීම මැයිවලදී සිදුවන බැවින් ඒ කාලය තුළ හැකිතාක් මෛත්‍රී භාවනාව වඩන්න. ඉවසීම කරුණාව වර්ධනය කරගන්න. ගුරු 6 වැන්නට යාම නිසා බෝමළුව පිරිසිදු කිරීම ඇතුළු බෝධි පූජාමය කටයුතු ද උපාසක අයට දන් පැන්දීම ද හොඳය. අටපිරිකර පූජා කිරීම, රතන සූත්‍රය කීම ශ්‍රවණය කිරීම, අසරණ අයට ආහාර පාන දීමද කළ යුතුය.
සුබ අංක – 6, 8, 9, සුබ වර්ණ – සුදු, රතු, නිල්,
සුබ දවස් – බදාදා, සිකුරාදා, සෙනසුරාදා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්