විදෙස් රැකියා භාග්‍යය
•ගෘහ ජීවිතය :- ලග්නාධිපති සිකුරු 10 වැන්නේ සිටීමත් ගුරු ලග්නගතව සිටීමත් අනුව ගෘහ ජීවිතය තුළ සතුට සැනසීම දරුවන් සමඟ සබඳතා වඩා වර්ධනය වීමක් සිදුවේ. මාර්තු මාසයෙන් පසුව ආර්ථිකය ශක්තිමත් බවක් පෙන්වයි. වැඩිහිටි අයගේ ආදරය සෙනෙහස මෙන්ම ඔවුන්ගේ දේපළ ද හිමිවිය හැකියි. මුල් මාස 2 – 3 තුළ ප්‍රමාද වූ විවාහ දරුපල ආදියට සුබවාදී බවක් පෙන්නුම් කරයි. සස යෝගය, ජය යෝගය, සුනපා යෝගය, උභයචාරී යෝග ද යෙදී ඇත. ඒවා සුබපල උදාකර දෙයි.
රැකියාව :- කරන කියන රැකී රක්ෂා ව්‍යාපාරවල දියුණුවක් දක්නට හැකි අතර අප්‍රේල් මාසයෙන් පසුව තනතුරු උසස්වීම් හෝ ආදායම් වැඩිවීමක් දක්නට හැකිය. විදෙස් රැකියා හෝ දුරබැහැර රැකියා ලැබීමට ද පුළුවන. කෘෂිකාර්මික අංශ දියුණු වේ.
අධ්‍යාපනය :- ගුරු ලග්නගතව කේතු 5 වැන්නේ සිටීම ඉගෙනීමේ කටයුතුවලට හොඳ ග්‍රහබලයකි. පොතපතට යොමු නොවන දරුවන් ඒ සඳහා උනන්දු වේ. මැයි මාසයෙන් පසුව උසස් අධ්‍යාපනයේ දියුණුවක් දක්නට හැකි අතර කථිකත්වය, නීති ක්ෂේත්‍රය තුළින් දක්ෂයන් බිහිවේ.
සෞඛ්‍යය :- රුධිර පීඩනය වැනි අසනීප ඇත්නම් ඒවා පිළිබඳ නිසි ප්‍රතිකාරවලට යොමුවීම අත්‍යවශ්‍ය බවක් ඉදිරි වර්ෂය තුළ පෙන්නුම් කරයි.
ඔබට උපතේදී 11, 12 යන රාශිවල සඳු පිහිටා ඇත්නම් ඒරාෂ්ටක අපල බලපවත්වයි. එසේ නොවේ නම් ඒරාෂ්ටක අපල නැත. දාන ශීල භාවනා වැඩසටහන්වලට යොමුවීමත් තරුණ දරුවන්ගේ යහපත් ක්‍රියාවන් (සමාජ සේවා වැනි) වලට උදවු උපකාර කිරීමත් කුසගින්නේ සිටින අයට සතෙකුට හෝ ආහාර වේලක් දීම ආදී ක්‍රියාවන් තුළින් අපල අඩුකර ගැනීමට පුළුවන.
සුබ අංක – 5, 6, 8 සුබ වර්ණ – ළා රෝස, සුදු, ක්‍රීම්
සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්