ජයග්‍රාහී වසරක්
ගෘහ ජීවිතය :- ගෙදර දොර වාසනාව මතුකර දෙන කාලයකි. සිතෙහි සතුට මෙන්ම පුණ්‍ය කටයුතු කෙරෙහි උනන්දුවක් ද ඇතිවේ. විවාහ, රැකියා, තනතුරු, ගේදොර ආදී යහපත් අවශ්‍යතා ඉටුවීම තුළින් ඔබට ජීවිතයේ දියුණු මාවතකට අවතීර්ණ විය හැකි වර්ෂයකි. පවුලට නව සාමාජිකයන් එකතුවීමේ භාග්‍ය මතු කරයි. ජය යෝගය නීච භංග යෝගය ලක්මී යෝග ඇත. වසර ආරම්භයේම යම් ඉලක්කයක් ඇතිව කටයුතු ආරම්භ කිරීම තුළින් අභියෝග ජය ගැනීම පහසුය. වොශී යෝගය, ජය යෝගය, ලග්නාධි යෝගය, පුනපා යෝගය යනාදී ග්‍රහබල ඇත.
රැකියා :- වෙළෙඳ ව්‍යාපාර මෙන්ම කරන කියන රැකී රක්ෂාවලින් සැලකිය යුතු ලාභ ලැබීමට හැකියාව පවතී. ස්ථාන මාරුවක් හෝ රැකියාවේ වෙනසක් ඇතිවීමට ද ඉඩකඩ ඇත. මොළය වෙහෙසවා කරන කටයුතුවලින් ද මුදල් උපයා ගනී. යම් දෙයකට මුදල් ආයෝජනයක් කරන්නේ නම් එය දෙවරක් සිතා බලන්න. විදෙස් රැකියා සඳහා ද භාග්‍ය ඇත. තැන්පත් ධනය ආරක්ෂා කරගන්න.
අධ්‍යාපනය :- නව පාඨමාලා ඉගෙනීමට මෙන්ම විදෙස් අධ්‍යාපනය ඉල්ලුම් කර තිබූ අයට ඒවාට මාර්ග සැලසෙන කාලයකි. දරුවන් වෙනාදාට වැඩි උනන්දුවකින් පොත පතෙහි නියැළේ. යහපත් ලෙස ඉගැන්වීමේ යෙදෙන ගුරුවරු මුණගැසේ. මහන්සි වී වැඩකර විභාගවලට මුහුණු දෙයි.
සෞඛ්‍යය :- දණහිස් ආබාධ, හෘදය සම්බන්ධ රෝගාබාධ, රුධිර පීඩනය වැනි දේට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්වය පරීක්ෂා කරගන්න.
ඔබගේ හඳහනේ 10, 11 යන රාශියක සඳු සිටියේ නම් මිස වෙනත් ඒරාෂ්ටක අපල නොයෙදේ. එලෙස සිටී නම් ඒරාෂ්ටක අපල සඳහා බලුකපුටු දාන, ආබාධිත අයට ආහාරපාන ලබා දෙන්න. ඔබට ගතවෙන දශාව කුමක්දැයි පරීක්ෂා කර ඒවාට අදාළ සෙත් ශාන්ති කර ගැනීමෙන් ඉදිරි වසර තුළ සිදුවන්නට තිබෙන්නාවූ අයහපත අඩු කර යහපත සලසා ගත හැකියි.
සුබ අංක – 3, 5, සුබ වර්ණ – කොළ, කහ,
සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්