අභියෝග ජයගනී
ගෘහ ජීවිතය :- යෝගකාරක කුජ ලග්නයෙන් ගුරු අයස්ථානගතවත් ආරම්භ කරන වසර ඔබට අභිමතාර්ථ මුදුන් පමුණුවා ගැනීමට හැකිවනු ඇත. අෂ්ටම ඒරාෂ්ටකය මාර්තු මාසයේදී අවසන් වෙයි. මුල් මාස 3 දරුවන්ගේ සියලු යහපත් අරමුණු බොහෝ දුරට ඉෂ්ඨ සිද්ධ වනු දැකිය හැකිය. ගෙදර දොර අත්පසු වී හෝ නවතා තිබූ වැඩ කටයුතු යළි ආරම්භ කෙරෙයි. ආර්ථිකය ශක්තිමත් වේ. විදෙස් ගමන් යෙදේ. ශනි මාරුවෙන් පසු බොහෝ පුණ්‍ය කටයුතු සිදු කිරීමටත් වන්දනාමාන කර ගැනීමට දුරබැහැර පළාත්වලට යැවෙයි. ප්‍රිය සම්භාෂණ ආදියට ද සහභාගි වීමට අවස්ථාව සැලසෙයි. නීච භංග යෝග, සරලා යෝගය, සුනපා යෝගය, කලානිධි යෝගය යනාදී ග්‍රහබල යෝග නිසා කටයුතු සාර්ථක වෙයි.
රැකියාව :- රැකියා කාරක සෙනසුරු මාරුවෙන් ධාර්මිකව මුදල් හදල් උපයාගෙන කරන කියන රැකීරක්ෂා, ව්‍යාපාර දියුණු කර ගැනීමට ඔබට අවස්ථාව සැලසෙනු ඇත. ස්වයංරැකියා ආදිය ආරම්භ කිරීමට ද සුදුසු වසරකි. උගත් දරුවනට ගුරු වෘත්තිය, කෘෂිකාර්මික අංශවල රැකියා ලැබේ.
අධ්‍යාපනය :- විද්‍යාස්ථානය වූ 5 වැන්නේ බුධත් ලග්නයේ සිටින 5 අධිපතිත් නිසා විද්‍යා, ගණිත, තාක්ෂණ අංශවල දරුවනට දැනුම ගොඩනැඟේ. ඒවායේ ප්‍රගතියක් දැක්වේ. අධ්‍යාපන ක්ෂේත්රයේ නව වෙනස්කම් සිදුවිය හැකි බැවින් සුබපල අත්වෙයි.
සෞඛ්‍යය :- අර්සස් රෝග, පිත් රෝග, බඩ පිපුම වැනි ආමාශගත අසනීපවලට හේතු ඇත.
ඔබගේ කේන්ද්‍රයේ 9, 10 යන රාශිවල සඳු සිටී නම් සුළු වශයෙන් සෙනසුරු අපල තත්වයක් ඉදිරියට බලපවත්වයි. එහෙත් එය තදබල නොවේ. කෙසේ වෙතත් ඔබට නව වර්ෂය අපල දුරුකර සුබපල උදාකර ගැනීමට පහත සඳහන් පිළිවෙත්වලට යොමුවීම තුළින් හැකිවේ. බෝධි පූජා, බුද්ධ පූජා, කිරි ආහාර පූජා, දාන භාවනා වැඩසටහන්වලට යොමුවි සූරිය පිරිත, ඡන්ද පිරිත, ජයපිරිත් ශ්‍රවණය කිරීම අසරණ අයට රෝගී අයට කුඩා දරුවනට උපකාර කිරීම තුළින් හැකිවේ. බලුකපුටු දාන ආදිය ද වඩාත් ආනිසංසදායක වේ.
සුබ අංක – 2, 7, 9 සුබ වර්ණ – සුදු, රතු, කහ,
සුබ දවස් – සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

ලබන අය වැයේ ප්‍රාග්ධන වියදම් ගැන අනාවරණයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් 80 වැනි වියට පා තබයි
ශ්‍රී ලංකා රුපියලෙහි දැවැන්ත අවප්‍රමාණය වීමක්
ශ්‍රී ලංකා දුම්රිය සේවයේ නිල වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්
මහනුවරට මෙට්‍රො බස් සේවාවක්
බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක නයීම් හසන්ට පහරදුන් පොලිස් නිලධාරීන්ට වැඩ වරදියි
‘TIN’ අංකය ගැන දැනුම්දීමක්
වත්මන් ආණ්ඩුව බලයට පැමිණීමෙන් පසු ලබා ගත් විදෙස් ණය ප්‍රමාණය හෙළිවෙයි
සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන දිනය පිළිබඳව දැනුම්දීමක්
භික්ෂූත්වයෙන් නෙරපූ රාජාංගණයේ හිමිට මැර ප්‍රහාරයක්
බැසිල්ට එරෙහිව රජයේ සාක්ෂිකරුවෙක් වීමට භාෂ්වර එකඟ වෙයි
බණ්ඩාරවෙල සිදුවීම ගැන බැරිස්ටා ආයතනයෙන් පැහැදිලි කිරීමක්