යුග දිවියේ ගැටලු නිරාකරණය වේ
ගෘහ ජීවිතය :- සුරගුරු භාග්‍යස්ථානගතව සිටීම ඉතා සුබය. ලග්නාධිපති බුධ වික්‍රමස්ථානයේ ගෝචර වෙමින් ආරම්භ වන වසරේ මුල් මාස 3න් පසු මෙතෙක් පැවති ගැටලු බොහොමයක් අවම වේ. ඉතාම සාර්ථක විය හැකි වසරක් ලෙස පෙන්නුම් කරයි. මාර්තුවලදී සෙනසුරු 7 වැන්නට පිවිසුණද එය අසුබයක් නොවනු ඇත. යුග දිවියේ ගැටලු නිරාකරණය වී ගෙදර දොර දියුණුවට අදාළ වැඩකටයුතු සාර්ථකව කර ගැනීමට හැකිවේ. දරුවන්ගේ විවාහ අධ්‍යාපනය රැකියා ආදී කරුණු කාරණා ද පලදරයි.
රැකියාව :- වසරේ මුල් කාලය තුළ දැනට කරගෙන යන්නාවූ රැකියා, ව්‍යාපාරවලින් ලාභ ප්‍රයෝජන ලැබෙන අතර ඊටත් වඩා සාර්ථකවීමක් මැයි මාසයෙන් පසුව ඇත. උසස්වීම් වැටුප්වැඩිවීම් නව රැකියා ලාභ පෙන්නුම් කරයි. උනන්දු වන්න.
අධ්‍යාපනය :- 5 අධිපති 6 වැන්නේත් 11 අධිපති 5 වැන්නේත් ගෝචර වීම අධ්‍යාපන ඉලක්ක සපුරා ගැනීමට ඉවහල් වේ. ග්‍රහයින්ගෙන් ලැබෙන පිටුවහල සාර්ථක කර ගැනීමට නම් ඔබ උත්සහවන්තව නොපමාව පොපත සහ පරිගණක දැනුම ලබා අධ්‍යාපනය කළ යුතුවේ. අභියෝගාත්මක විභාග ජයග්‍රහණය කරයි.
සෞඛ්‍යය :- හිසරදය, සෙම් රෝග, මුත්‍රා ආසාදන, ස්නායු දුබලතා ආදියට ඉඩ ඇති බැවින් සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සැලකිලිමත්වීම වැදගත්ය.
ඔබගේ කේන්ද්‍රයේ සඳු 7, 8 යන භාවයක සිටී නම් පමණක් ඔබට සෙනසුරුගේ ඒරාෂ්ටක අපලයක් නිර්මාණය වේ. එලෙස තිබේ නම් පමණක් සෙනසුරු ග්‍රහයා වෙනුවෙන් කළ යුතු වත්පිළිවෙත් සිදුකරන්න.
කෙසේ වුවද නව වසර සුබපල උදාකර ගැනීමටත් පවතින සුළු දෝෂ අවම කර ගැනීම සහ සෙත් ශාන්තිවලට යොමුවන්න. සංඝයා වහන්සේලාට දාන මාන, උපාසක අයට අසරණ අයට ගිලනුන්ට උපස්ථාන, බෝධි පූජා, බුද්ධ පූජා, කිරි ආහාර පූජා සහ අටවිසි බුදුවරුන්ට පූජා පිළිවෙත් සිදුකිරීම මැනවි. කොහොඹ පැළයකට සත්කාර කිරීම ද හොඳයි. සූරිය පිරිත, රතන සූත්‍රය උදේ හවස කියන්න. අසන්න.
සුබ අංක – 2, 3, 5, 7, සුබ වර්ණ – සුදු, කහ, කොළ,
සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
ප්‍රවීණ ජ්‍යොතිර්වේදිනී ශ්‍රියා ගනේගොඩ (Silumina)

දඹුල්ලේ අවන්හලකට රුපියල් 510,000 ක දඩ
මුදල් කාරක සභාවට එන්න බෑ – මුදල් ලේකම් කියයි
සිංගර් වෙතින් දැවැන්ත ආයෝජනයක්
එරාන් වික්‍රමරත්න සජබ තනතුරුවලට සමුදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරුපාලක කමිටු සභාපති ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කෙරේ
බස් රථයක් ප්‍රපාතයකට පෙරළී බිහිසුණු අනතුරක්
හිටපු ජනපති රනිල්ගේ නඩුවට මහේස්ත්‍රාත්වරයා අද දුන් නියෝගය
ප්‍රවේශම් වන්න! කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්!
ඉන්ධන පිරිමැස්ම වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ ගත් තීරණය
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අද සිට තාවකාලිකව ක්‍රීඩා අමාත්‍යාංශයට
ලබන වසර මුල සිට මෙරට ජනතාවට විදුලි දුම්රියක ගමන් කිරීම්කට අවස්ථාව
ජනපති හමුවූ පූජ්‍ය පඤ්ඤාකර හිමි අතර හමුවක්